යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට ශෝකය පළකිරීමටත් ඊට වගකිව යුත්තන්ට වහාම නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලා අද (25) උතුරු ...
යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට ශෝකය පළකිරීමටත් ඊට වගකිව යුත්තන්ට වහාම නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලා අද (25) උතුරු පලාත පුරා හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබේ.
ඒ හේතුවෙන් උතුරේ ජනයාගේ දෛනික කටයුතු සියල්ල ඇණහිට ඇත.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා වව්නියාව දිස්ත්‍රික්කයන්හි පිහිටි සියලු වෙළඳසැල් වසා දමා ඇති අතර උතුරු පලාතේ බස් ධාවනය ද නැවතී තිබීම හේතුවෙන් දෛනික කටයුතු හා රාජකාරී සඳහා පැමිණි මගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව සිටී.
මේ අතර උතුරේ පිහිටි සෑම නගරයකම නගර මධ්‍යයේ පිහිටි පාසල් සියල්ලක්ම වසා දමා ඇති අතර පාසල් වෙතට පැමිණි ඇතැම් පාසල් ළමුන් හා ආචාර්යවරුන් පාසල් වසා දැමීම නිසා ආපසු නිවෙස් වෙතට ගමන කරන අයුරු දැක ගන්නට ලැබේ.
යාපනය සරසවියේ සහ වව්නියාව මණ්ඩපයේ කලු කොඩි ඔසවා ඇති අයුරුද දක්නට ලැබේ.
දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ පහේ හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යන පක්ෂ වල සාමාජිකයින් සමඟ සිවිල් සංවිධාන කිහිපයක් විසින් යාපනයේදී පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙසේ උතුරු පලාතේ හර්තාලයක් දියත් කර ඇත.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS