දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට
Homeප්‍රවෘත්ති

කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට

PropellerAds

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්...

කුරුණෑගල දොස්තර මා හොදින් හදුනනවා.. ඔහු වද සැත්කම් කලා කියා සිතන්නේ නෑ - දයාසිරි
මා හිරෙන් නිදහස් කරනවාට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ දැඩිව විරුද්ද වුණා.. 18 අවුරුද්දක් මා හිරේ තියන්නයි බැලුවේ - ඥාණසාර හිමි
මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෙඩි උණ්ඩ 93ක් සමග අත්අඩංගුවට
කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සභාපතිවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, 2016 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ සිදු කළ විමර්ශන, වාර්තාවට ඇතුළත් කර තිබෙන බවයි.

සංක්ෂිප්ත අතුරු වාර්තාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව සහාය දුන් සියලු පාර්ශව වෙත මන්ත්‍රීවරයා සිය ස්තූතිය පළ කළේ ය. 

මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය,

“අපි බලාපොරොත්තු වුණා ආයතන මට්ටමින් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන්න. එහෙත් අපි ආයතන 19ක සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. කෙටි කාලයක් තුළ අතුරු වාර්තාවක් හැටියට මේ වාර්තාව ඉදිරිපත් කරනවා. අපට අත්දැකීම් තිබෙන්නේ අවුරුද්දක පමණ කාලයක් ගියාට පස්සේ මේ කාරක සභාවෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැනයි.

පාර්ලිමේන්තුව අවස්ථාවක් ලැබෙනවා මේ ආයතනවල වර්තමාන තත්ත්වයට ආදේශ කරලා පාර්ලිමේන්තුවේ විවාද කරලා අපි ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා යම් බලයක්, ශක්තියක් ලබාදීමට. ඒ පිළිබඳව අවධානය යොමුකර මේ සංක්ෂිප්ත අතුරු වාර්තාව ඉදිරිපත් කරන්නේ. මීට අමතරව අපි තවත් ආයතන 15ක් පමණ මේ වන විට කැඳවලා තිබෙනවා. ඒ වාර්තාවත් අපි කඩිනමින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී කාරක සභාව මුහුණ දෙන පොදු ගැටලූ අතර එක ගැටලූවක් තමයි කාරක සභාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න ස්ථාවර නියෝගවලින් තිබෙන බාධාවන් ඉවත් කර ගත යුතු වීම. ඒ නිසා අපට ස්ථාවර නියෝග කාරක සභාව හරහා ඉදිරිපත් කරන්න යෝජනා ගණනාවක් තිබෙනවා. ඒ වගේම තාක්ෂණික වශයෙන් විශේෂඥ සහාය අවශ්‍ය වෙලා තිබෙනවා. 

ඒ වගේම විමර්ශන කටයුතු සහ කාරක සභාවේ යම් යම් නිර්දේශයන් මීට වඩා මහජනතාවට ලැබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුවට තිබෙන නිසා ඒ පිළිබඳ අවධානය යොමුකරන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ස්ථාවර නියෝගවලින් තිබෙන බාධා ඉවත් කරලා මහජනතාවට කමිටුවේ කටයුතු විවෘත කරන්න යම් ක‍්‍රමවේදයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා. මේ වන විටත් අප පොදු ව්‍යාපාර කාරක සභාවේ උන්නතිය වෙනුවෙන් පියවර කිහිපයක් ම ගෙන තිබෙනවා“ යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට
කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට
http://ift.tt/2aZ94Qe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_145.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_145.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy