යුද සමයේ දී අතුරුදන්වූ පුද්ගලයින් සෙවීම සදහා රජයෙන් පිහිටුවීමට නියමිත කාර්යාලය මෙරට ආරක‍්ෂක හමුදාවට එරෙහි කාර්යාලයක් නොවන බවත් අතුරුදන් වූ...
යුද සමයේ දී අතුරුදන්වූ පුද්ගලයින් සෙවීම සදහා රජයෙන් පිහිටුවීමට නියමිත කාර්යාලය මෙරට ආරක‍්ෂක හමුදාවට එරෙහි කාර්යාලයක් නොවන බවත් අතුරුදන් වූවන්ගේ අර්බුදයට විසදුම් සොයා ගැනීමට පිහිටුවන කාර්යාලයක් බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර පැවති හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මෙරට අතුරුදන් වූවන් අතර උතුරේ ජනතාව පමණක් නොව දකුණේ ජනතාව ද සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙරට හමුදාව පාවා දීම සදහා මෙම අතුරුදන්වූන්ගේ කාර්යාලය පිහිටුවන බවට ඒකාබද්ධ විපකෂය චෝදනා කරන බවත් එය වැරදි සහගත අර්ථ දැක්වීමක් බවත් අතුරුදන්වූවන්ට සිදුවූ දේ කුමක්ද යන්න සොයා ඔවුන්ගේ ඥාතීන්ට ඇති ප්‍රශ්න, ගැටළු විසදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බවත්ය.
ඔහුගේ සම්පූර්ණ කතාව ඇතුළත් හඬ පටය පහතින්.
COMMENTS