තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (16) ප්‍රකාශ කළේය. ඔහුට එරෙහිව කෙසෙ...
තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (16) ප්‍රකාශ කළේය.
ඔහුට එරෙහිව කෙසෙල්වත්ත පොලීසියේ ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී මන්ත්‍රීවරයා සදහන් කළේ "දෙවැනි නිවාඩුවටත් කාලය හරි"
එසේම ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් 10 දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද ඔහු පැවසීය.
බෝහෝදුරට තමාව අද හෝ හෙට අත්අඩංගුවට ගනු ඇති බව ප්‍රකාශය ලබාදීමට පොලීසියට යාමට පෙර සඳහන් කළ අතර ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණි.
කෙසේවෙතත් තමා ලබාදුන් ප්‍රකාශ නීතිපතිවරයාට යොමු කරන බව පොලිස් නිලධාරීන් පැවැසූ බවත් තමාව අත්අඩංගුවට ගන්නවානම් කලින් දැනුවත් කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
COMMENTS