හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව උසාවි නියෝගය නොතකා කොළඹ රීගල් සිනමාහල අසල සිට කොටුව දක්වා පාගමනින් ගිය බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 0...
හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව උසාවි නියෝගය නොතකා කොළඹ රීගල් සිනමාහල අසල සිට කොටුව දක්වා පාගමනින් ගිය බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 08දෙනකුට එරෙහිව කථානායකවරයා මගින් නොතීසි නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (01) ප්‍රතික්ෂේප කළාය.
එදින විරෝධතා පාගමනේ යෙදීම වළක්වමින් කොළඹ කොටුව අධිකරණයෙන් ලබාදී තිබූ උසාවි නියෝගය අදාළ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි ලබා නොදීමත්, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පමණක් උසාවි නියෝගය දැනුම්දීමත් හේතුවෙන් අදාළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
එම මන්ත්‍රීවරුනට නොතීසි ලබාදුන් බවට ප්‍රසිද්ධ කළ ජනමාධ්‍ය ආයතන වෙතද එය නිවැරදි කරන ලෙස දන්වා ලිපි නිකුත් කරන්නැයි අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
එම මන්ත්‍රීවරුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද උසාවිය පොලීසියට නියෝග කළේය.
COMMENTS