තමන් කළ ප්‍රකාශයට වඩා රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයන් කළ දේශපාලනඥයින් මේ රටේ කොතෙකුත් සිටින බව වනිතා කටයුතු පිළිබදව හිටපු ඇමති...
තමන් කළ ප්‍රකාශයට වඩා රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයන් කළ දේශපාලනඥයින් මේ රටේ කොතෙකුත් සිටින බව වනිතා කටයුතු පිළිබදව හිටපු ඇමතිනී විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
යාපනයේ පැවති උත්සවයකදී රාජ්‍ය විරෝධී යැයි කියන ප්‍රකාශයක් කළේ යැයි යන චෝදනාව මත ඇයට එරෙහිව නඩු පවරණ මෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි යන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරියගෙන් කරුණු විමසූ අවස්ථාවේදී එතුමිය මේ බව කියා සිටියාය.
තවදුරටත් ඇය කියා සිටියේ තමන් කී දේ සත්‍යතාවය පිළිබදව තමන්ට අධිකරණයේදී හෝ යමක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම තමන් වෙනුවෙන් ඉතිරිව ඇති එකම දේ පමණක් බවය.
ඒ අවස්ථාව එන තෙක් ඇය නිහඩව සිටින බවත් කියා සිටියාය.
මන්ත්‍රීවරියට එරෙහිව නඩු පවරන බව වාර්තා වීමත් සමගම උතුරේ මාධ්‍යවේදීන් වහාම ඇයගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ඉල්ලා සිටියහ. ඒ මේ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමටය. ඒ සියළු ඉල්ලීම් මන්ත්‍රීවරිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තවත් නැති ලෙඩක් දමා ගැනීමට මේ අවස්ථාවේදී අනවශ්‍ය බවය.
''මාව මේ තත්ත්වයට පත් කළෙත් දකුණේ මාධ්‍යය තමයි. නැති දේවල් කළෙත් ඔය මාධ්‍යම තමයි. මාධ්‍යයට අවශ්‍ය වී තිබෙන්නේ දකුණේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නැගීම සදහා පමණයි. ඒ වෙනුවෙන් බිල්ලට දිය යුතු උදවිය බිල්ලට දීම මාධ්‍යයේ ස්වභාවය වී තිබෙනවා. මේ අවස්ථාවේදී මම යළිත් හෝ දෙයක් මාධ්‍යට ප්‍රකාශ කිරීමට ගියහොත් පෙරට වඩා සංකීර්ණ තත්ත්වයක් ඇතිවිය හැකියි. මම කලින් කී දේ යළිත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තමයි මට අළුත් අදහසක් ප්‍රකාශ කළ හැකි වන්නේ. ඒ නිසා ඒක තවත් භයානක තත්ත්වයක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාව මාධ්‍ය සාකච්ඡා තබන්නට අවස්ථාවක් නොවෙයි. ''
(දිනසේන රතුගමගේ)
COMMENTS