පාද යාත්‍රා පාගමනේදී පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් එහි රියදුරන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙ...
පාද යාත්‍රා පාගමනේදී පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් එහි රියදුරන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඊයේ(30) වරකාපොල නගරයට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වීය.
ඒ සඳහා මෙලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් නීත්‍යානුකූල නොවන අන්දමින් යොදාගෙන ඇත බව වාර්තා වේ.
ඒ අනුව අදාළ සිද්ධිය සඳහා යොදාගත් බව පැවසෙන දොඹකරයක් සහ වෑන් රථයක් වරකාපොල - පිලාඬුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තිබියදී පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ.
මේ අතර පිළිරුවකට උපහාර දැක්වීම සඳහා යැයි පවසමින් රජයේ වාහන දෙකක් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සංවිධාන කළ පුද්ගලයින් විසින් භාවිත කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ප්‍රකාශ කළේය.
COMMENTS