හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ පාලන කාලයේදීවත් විරෝධතා පවත්වද්දී මෙවැනි දෑ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ පාලන කාලයේදීවත් විරෝධතා පවත්වද්දී මෙවැනි දෑ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව මාවනැල්ල, හිඟුල ප්‍රදේශයෙන් අවසන් කිරීමෙන් පසු රැස්ව සිටි ජනතාව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා," අපේ ආණ්ඩුකාලේ මේ රටේ ගියා විරෝධතා. අපි නැවැත්තුවද, නෑ. අඩුගානේ චන්ද්‍රිකා නෝනාවත් නෑනේ"යි කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කුමන බාධා පැමිණියත් පා ගමන හෙට උදේ 9ට උතුවන්කන්දෙන් යළි පටන්ගන්නා බවයි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, පාද යාත්‍රාව අතරතුර ගිලන් රථවලට බාධා පැමිණියේත්, මෙම ස්ථානයේ මාර්ගය අවහිර වූයේත් පොලීසියේ අජූත ක්‍රියාකලාපය නිසා බවත් එසේ නැතිනම් මෙවැන්නක් මෙම ස්ථානයේ ඇති නොවන බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS