පැරදී ගිය කිසිම නායකයෙකු යළි බලය ඉල්ලාගෙන මේ ආකාරයට කටයුතු කර නොමැති බව බස්නාහිර පළාත් කෘෂිකර්ම , ඉඩම් , වාරිමර්ග , සත්ත්ව නිෂ්පාදන හ...
පැරදී ගිය කිසිම නායකයෙකු යළි බලය ඉල්ලාගෙන මේ ආකාරයට කටයුතු කර නොමැති බව බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා පවසයි.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකු වැඩිහිටි නිවාසයකට යවා එජාපයෙන් පැමිණි මන්ත්‍රීවරුන්ට හොඳ හොඳ ඇමතිකම් ලබාදෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
බලයේ සිටියදී ලංගමය, රූපවාහිනිය විනාශ කර දැමූ බවත් අපේ අයෙකුට රැකියාවක් ගැනීම සඳහා නාමල් රාජපක්ෂගෙන් ලියුමක් ගැනීමට කොළඹ සිට හම්බන්තොටට යාමට සිදුවූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
අනාගතයේ බලය ලබා ගන්න යුවරජු වගේ සිටි නාමල් රාජපක්ෂ පාද යාත්‍රාවේ නටන හැටි දුටු බවද එවැනි අයෙකුට රටක් බාරගෙන කරගෙන යාමට පුළුවන්ද? ඒ මහතා ඊයේ(30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
COMMENTS