70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරි...
70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.
ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවූ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එම මැතිණිය විසින් මෙහිදි එඩිවර්ඩ් කුමරු සහ එම කුමරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
බි‍්‍රතාන්‍ය රජ පවුල වෙත කරන ලද ආරාධනය පිළිගෙන නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීම පිළිබඳ මෙහිදී එඞ්වර්ඞ් කුමරු වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා 1954 වසරේ සිදුවූ බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ ශ‍්‍රී ලංකා සංචාරය සහ චාර්ල්ස් කුමරු ඇතුළු බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් මීට පෙර ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාර පිළිබඳව ද සිහිපත් කළේය.
නිදහසින් පසු බි‍්‍රතාන්‍ය සහ ශී‍්‍ර ලංකාව අතර සබඳතා ඉතා හොඳින් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් ඉදිකරන ලද මෙරට විදුලි බල උත්පාදනයෙහි ඉතා සුවිශේෂි හැරවුමක් වන වික්ටෝරියා ජලාශය අද ශී‍්‍ර ලංකාවේ ජාතික ආර්ථිකයට විශේෂී දායකත්වයක් සපයන බව කියා සිටියේය.
2015 වසරේ සිදුකළ තම බි‍්‍රතාන්‍ය සංචාරයේදී දෙවන එළිසබෙත් මහ රැජිණ හමුවූ අවස්ථාව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එහිදි ලැබුණු සුහද සහ හෘදයාංගම පිළිගැනීම කෘතවේදීව සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ එඞ්වර්ඞ් කුමරු ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීමට ලැබීම සහ විශේෂයෙන් 70 වන නිදහස් දින සැමරුමට සහභාගීවීමට ලැබීම පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බවයි.
නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව ද අගය කළ එඩ්වර්ඩ් කුමරු ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ රටක බවත් ඒ සඳහා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප‍්‍රතිපත්ති සහ සැලසුම් අදට ඔබින ආකාරයට සකස් කරන බවටත් ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය සිහිපත් කරමින් එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ විශේෂ සම්බන්ධතාවයක් පවතින බව කියා සිටියේය.
මෙම වසරේදී බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී නැවත හමුවීමට ද මෙහිදි එකඟතාවය පළ කෙරිණි. පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන සෑම රටකම අගනුවර පරිසර හිතකාමී ඇවිදන මංතීරු ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ ද එම මංතීරු ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ සංකේතය මෙහිදී එඩ්වර්ඩ් කුමරු විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මේ අතර 70 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණි ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය ජපාන ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති Wataru Tokeshita ඒ මහතා ද ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.
ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික මිත‍්‍රත්වය මෙහිදී සිහිපත් කෙරුණු අතර, ඉදිරියේදී තවදුරටත් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළහ.
මේ අතර නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීන මහජන දේශපාලන උපදේශන සභාවේ උප සභාපති Wang Qinmin මහතා ද ඊයේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා හමු වී සුහද කතා බහක නිරත විය.
COMMENTS