චීන රජයේ මැදිහත්වීමෙන් හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඇතැමුන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටි...
චීන රජයේ මැදිහත්වීමෙන් හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව ඇතැමුන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීම චීන රජය ඉවත දමා ඇති බවට සති අන්ත ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවයි.
එම පුවත සාවද්‍ය බවත් රටේ ආර්ථික සංවර්ධනය අවහිර කිරීමේ අපේක්ෂාවෙන් අදාළ පුවත්පත් විසින් කරුණු විකෘතිකර වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවලට අදාළ සාකච්ඡා මේ වනවිට සිදුවෙමින් පවතින අතර ඒ පිළිබඳ සොයා බැලීමට චීන තානාපතිවරයා සහ අමාත්‍යවරුන් දෙදෙනෙකු පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.
එම අවස්ථාවට අදාළ ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමට අපේක්ෂා කරන චීන සාමාගම්වල නියෝජිතයින් එක්ව සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව සංවර්ධන මූල්‍යෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය විසින් වෙනත් ජාතීන්ට අයත් විදේශ ආයෝජකයින් සමග ආයෝජන යෝජනා පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS