මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිටු...
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිටුපස ඇති අතිශය කෲර සහ අමානුෂික තොරතුරු රැසක් 'මී මැස්සෝ' යූ ටියුබ් නාලිකාව විසින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවලට අනුව, මෙම ගැටුම හුදෙක් අහඹු සිදුවීමක් නොව, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රැඳවියන් අතර පැවති බල අරගලයක ප්‍රතිඵලයකි.
මීගමුව බන්ධනාගාර සිද්ධියේ දී "බන්ධ පොලිස්" නිලධාරීන් ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේ යකඩ දොරටුව කඩා දමමින් ප්‍රධාන ලී දොරටුව ද කඩා රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව බව මේ වන විට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් එම වෙඩි තැබීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළට ප්‍රවේශ වූ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් විසින් අමානුෂික ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද සිදුකරන ලද මූලික විමර්ශනවලදී හෙළි ව ඇති බව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනාවරණය කර තිබේ.
බන්ධනාගාරයේ විනය පවත්වාගෙන යාමට නිලධාරීන් ගත් උත්සාහය හමුවේ, 'කටුවැල්ලේගොඩ සුරේෂ්' නමැති රැඳවියා ඇතුළු පිරිසක් නිලධාරීන් සමඟ ඇති කරගත් ආරවුලක් මෙම සමූහ ඝාතනය දක්වා දුරදිග ගොස් ඇත.
සිද්ධිය වූ දින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ දොරටුව කඩාගෙන පිටතට ඒමට උත්සාහ කර ඇති අතර, එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පසු තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර අභ්‍යන්තරයට ඇතුළු වූ නිලධාරීන් පිරිසක් රැඳවියන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇත.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අතිශය ම්ලේච්ඡ අන්දමින් බව එම නාලිකාව පෙන්වා දෙයි.
එක් නිලධාරියෙකුගේ හිස සින්ක් එකක ගසා ඝාතනය කර ඇති අතර, තවත් නිලධාරීන්ගේ ලිංගික අවයව පවා කපා දමමින් වධහිංසා පමුණුවා ඇති බව හෙළි වී තිබේ.
මල් පෝච්චි, යකඩ බට සහ විවිධ උපකරණ යොදා ගනිමින් රැඳවියන් විසින් මෙම සමූහ ඝාතනය මෙහෙයවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
බන්ධනාගාරය තුළ තිබූ වැදගත් ලේඛන සහ උපකරණ රැසක් ද රැඳවියන් විසින් විනාශ කර ඇති අතර, සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා ඉදිරියේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පුවත මගින් මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින අනාරක්ෂිත බව සහ රැඳවියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS