දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ - මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි

ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර...

ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු දෙයක් බවට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඒ  ඊයේ (10) පාර්ලිමේන්තුවේදීයි ප්‍රකාශයක් කරමින්.

”මේ රටේ දරුවෝ උපදින් නැත්නම්, ප්‍රමාණවත් තරම් දරු උපත් සංඛ්‍යාවක් නැත්නම්, මේ රටේ දැනටමත් තිබෙන පාසල් දස දහසට ප්‍රමාණවත් තරම් දරුවෝ නැත්නම් අපි දැනටමත් ගොඩනගලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ධාරිතාවට ගැලපෙන ප්‍රමාණයේ දරුවන් ඉදිරියේ එන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම සාමාන්‍ය විද්‍යාවේදී උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධිවලට ප්‍රමාණවත් තරම් ළමයි සංඛ්‍යාවක් දැන් ඇතුලත් වෙන්නේ නැහැ.

මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. මොනවද අපිට මේ ගැන කරන්න පුළුවන්? මේ සඳහා යැපෙන දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම් කරන්න ඕනේ. ළමයි ඉන්න පවුල්වලට විශේෂයෙන් සලකන්න ඕන. ඒ ඒ අයව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබලා දෙන්න ඕනේ.

ලෝකයේ මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නහම ඒ රටවල් කරලා තියෙන ක්‍රමයක්. ඒ වගේම මාතෘ පිතෘ සහ දෙමාපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම. අම්මට, තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ. ළමයි හදන්න දිරිමත් කරන්න ඕනේ. දරුවෙක් ඉපදුනාම ඇතිවන ඒ අභියෝගයන් වලට මුහුණ දීම සඳහා රජය ශක්තිය ලබලා දෙන්න ඕනේ. ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වලට යන වියදම අඩු කරන්න රජය විශේෂිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ.

ඒ වගේම තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම්. ඒ කියන්නේ දරුවෝ වැඩි වැඩියෙන් ඉන්නකොට ණය පොළිය අඩු කරන්න ඕනේ. සහන ලබා දෙන්න ඕනේ.

ඒ වගේම තරුණ යුවළ සඳහා විශේෂයෙන්ම දරුවන් ලබන දරුවන් සිටින පවුල්වලට මේ ආරක්ෂාව ලබලා දෙන්න ඕනේ. වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු, අගය කළ යුතු දෙයක් බවට පත් කරන්න ඕන”යැයි අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියා
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30305,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ - මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ - මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLT9zFjKCUc8bI9zeugru27M-NIewwNkF6-nuQegl-z3TOPb5caIDOOj-bmcoc7Cy0cBIG2KoqlNGfvQacRBgbbbo8OjZVL1d0kdKnInvwBgVj0q4VXfKkl2A4HFUAkVv2Q9Z0Pn3cy00AkeJRm_MQrWrCBZBSZdWTwbsH6BMQXufwRVcjm_8lS5NILTGN/s320/ajith-p-perea.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLT9zFjKCUc8bI9zeugru27M-NIewwNkF6-nuQegl-z3TOPb5caIDOOj-bmcoc7Cy0cBIG2KoqlNGfvQacRBgbbbo8OjZVL1d0kdKnInvwBgVj0q4VXfKkl2A4HFUAkVv2Q9Z0Pn3cy00AkeJRm_MQrWrCBZBSZdWTwbsH6BMQXufwRVcjm_8lS5NILTGN/s72-c/ajith-p-perea.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy