දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යෝෂිත රාජපක්ෂ ඇල්ල නිව් බර්ග් වතු යායත් සල්ලිවලට අරන් මාට්ටු... රු 73,000ක වැටුපකින් රටේ භාගයක් සල්ලිවලට අරන්!

රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත්‍රයා වන න...

රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කණිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති තවත් නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වා ගෙන යන බව පැමිණිල්ල ඊයේ (16දා) අධිකරණයට දැනුම් දුන්නේය.

 කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා අධිකරණය අමතමින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුවක තීන්දුව දැනුම් දුන්නේය.
වෛද්‍ය නිර්දේශය අනුව ඩේසි ෆොරස්ට් යන අය කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වන වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු චෝදනා පත්‍රය සංශෝධනය කර යෝෂිත රාජපක්ෂට විරුද්ධව පමණක් නඩු විමසීම සිදු විය. එහිදී එක් විත්තිකරුවකුට පමණක් ‘කුමන්ත්‍රණ’ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව දන්වමින් විත්තිකරුවන් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

අභියාචනාධිකරණය එම විරෝධය ප්‍රතික්ෂේප කර ‘කුමන්ත්‍රණ’ චෝදනාව යටතේ විත්තිකරුවන්ට විරුද්ධව නඩුව පවත්වාගෙන යෑමට අවසර දුන්නේය. එම නඩුවේ ලේඛන ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ
පැමිණිල්ලේ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළේය.

2009 වසරේ මාර්තු මස 31දා සහ 2013 වසරේ දෙසැම්බර් 12දා අතර කාලය තුළදී කොළඹදී සහ තංගල්ලේදී රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනවදහස් නවසීයක (596,79,900)ක මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත.

නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැනදැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද සිදු කිරීමට අනුබල දීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් කුමන්ත්‍රණය කළ බව ද එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස එම වරද සිදු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ. 2018 වසරේදී විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් ඇති අතර ඉන් වසර 7කට පසු නීතිපති උපදෙස් ලැබ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් මෙම වසරේ අප්‍රේල් 11දා චෝදනා ගොනුකිරීම කර ඇත.
හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඇතුළු නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනකු රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍ර‍ෙස්කර ඇතුළු සාක්ෂිකරුවන් 103 දෙනකු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.

මෙයට අමතරව චුදිතයන් දෙදෙනා එක්ව පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 4ක ගිණුම් සාරාංශ හා විත්තිකාර යෝෂිත රාජපක්ෂ කොටස් වෙළෙඳපොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති විස්තර හා ඔහු 2009 වසරේ සිට 2015 කාලය දක්වා නාවික හමුදාවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය සහ බැංකු ගිණුම් 7කට අදාළ විස්තර ඇතුළු ලේඛන 25ක් නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ. මෙයට අමතරව රත්මලාන, කෙකටිය පෙදෙසේ නො: 4, නිවෙස මිලදී ගැනීම, ඇල්ල නිව් බර්ග් වතු යාය මිලදී ගැනීම අදාළ ලේඛන ද නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ.

නඩු පැවරීම සිදුකර ඇති 2009 හා 2025 කාලයෙන් විත්තිකරු 2009 ඔක්තෝබර් 29 සිට 2010 අගෝස්තු 31 දක්වා යුක්රේනයේ නැෂනල් යුනිවර්සිටි ඔෆ් ඩිෆෙන්ස් ඇකඩමිහි පාඨමාලාවකට යොමුව ඇති අතර පසුව එය 2014 මාර්තු 20 දක්වා දීර්ඝ කර තිබේ. ඔහු 2006 දෙසැම්බර් 14වැනි දින නාවික හමුදාවට බැඳීම කර ඇත.

යෝෂිත කණිෂ්ක රාජපක්ෂ නාවික හමුදාවේ සේව කළ කාලය තුළදී මාසිකව රුපියල් 73000/ක වැටුපක් ඔහුගේ ගිණුමට ලැබී ඇති බවත් ඔහු එම මුදල ආපසු ගෙන නොමැති බව හා ඩේසි ෆොරස්ට්, ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කර තිබෙන බව සහ ඇයට ඒ සඳහා වේතන ලෙස එකල රුපියල් 300ක පමණ මුදලක් ලැබී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා පෙනී සිටියේය. 1 වැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හා 2 වැනි විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහත්වරු පෙනී සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30322,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යෝෂිත රාජපක්ෂ ඇල්ල නිව් බර්ග් වතු යායත් සල්ලිවලට අරන් මාට්ටු... රු 73,000ක වැටුපකින් රටේ භාගයක් සල්ලිවලට අරන්!
යෝෂිත රාජපක්ෂ ඇල්ල නිව් බර්ග් වතු යායත් සල්ලිවලට අරන් මාට්ටු... රු 73,000ක වැටුපකින් රටේ භාගයක් සල්ලිවලට අරන්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1to1eh3H_LLteN7MwLWQD90vrBk_vwPOib8kFfGS6vYMzQjv3AJGo3VTgFjxqIGQMVHs_YwFDUX1hkc5GmjErgfRDnXlTDNN_Zbco8T2HZiqrSeFCZEsGyfbYd_5OW4a94k0EqrVJ-io4chzj6XMqpRZBe02B5h0hwy3PlU5kZtYgYu5Kqt1ULUwlQIf6/s320/yoshitha-rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1to1eh3H_LLteN7MwLWQD90vrBk_vwPOib8kFfGS6vYMzQjv3AJGo3VTgFjxqIGQMVHs_YwFDUX1hkc5GmjErgfRDnXlTDNN_Zbco8T2HZiqrSeFCZEsGyfbYd_5OW4a94k0EqrVJ-io4chzj6XMqpRZBe02B5h0hwy3PlU5kZtYgYu5Kqt1ULUwlQIf6/s72-c/yoshitha-rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/73000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/73000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy