දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගල් අගුරු වංචාවක් වෙලා නෑමයි... ජයකොඩි අස්වුනේ සැක දුරු කරන්න පහසුවටයි - චන්දන සූරියආරච්චි

ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බවත්, විපක්ෂය එල්ල කරන චෝදනා සනාථ කිරීමට ඔවුන් පාර්ලිමේන්තුවේදී හෝ කෝප් කමිටුවේදී මෙත...

ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බවත්, විපක්ෂය එල්ල කරන චෝදනා සනාථ කිරීමට ඔවුන් පාර්ලිමේන්තුවේදී හෝ කෝප් කමිටුවේදී මෙතෙක් සමත්ව නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ගල්අඟුරු වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය දිගින් දිගටම ඝෝෂා කළද, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැය ගණනාවක් විවාද කර ඇති අතර කෝප් කමිටුවේදී ද පැය හයකට අධික කාලයක් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු අදහස් දැක්වූවත්, වංචාවක් සිදුව ඇති බව නිශ්චිතව තහවුරු කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකු සමත් නොවූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව තුළ පවතින සැක සංකා දුරු කිරීම සඳහාත්, මේ පිළිබඳව විධිමත් නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත්වීම සඳහාත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

"දැන් විපක්ෂයට වගේම ජනතාවටත් පුළුවන් තමන් සතුව සාක්ෂි තියෙනවා නම්, ඒවා ලිඛිත, වාචික හෝ විද්‍යුත් සාක්ෂි වේවා, මෙම කොමිසමට ඉදිරිපත් කරලා වංචාවක් වුණාද නැද්ද කියලා ඔප්පු කරන්න" යැයි ඔහු අභියෝග කළේය.

මෙම විමර්ශනය වත්මන් රජයේ කාලසීමාවට පමණක් සීමා නොවන්නක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒ අනුව 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ සියලුම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ටෙන්ඩර් පිළිබඳව පූර්ණ විමර්ශනයක් මෙහිදී සිදු කෙරෙනු ඇත.

වත්මන් රජය යටතේ මෙතෙක් ගෙන්වා ඇත්තේ සමස්ත ගල්අඟුරු නැව් 460කට අධික සංඛ්‍යාවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් බවත්, ප්‍රසම්පාදන අවස්ථා 40කට අධික සංඛ්‍යාවෙන් රජයට අදාළ වන්නේ එකක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සහ ඊට අවශ්‍ය සහාය දැක්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් තාවකාලිකව ඉවත් වී ඇති බවද සූරියආරච්චි මහතා පැවසීය.

කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිඵල අනුව ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බවත්, වංචාව සහ දූෂණය පිටුදැකීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30146,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් අගුරු වංචාවක් වෙලා නෑමයි... ජයකොඩි අස්වුනේ සැක දුරු කරන්න පහසුවටයි - චන්දන සූරියආරච්චි
ගල් අගුරු වංචාවක් වෙලා නෑමයි... ජයකොඩි අස්වුනේ සැක දුරු කරන්න පහසුවටයි - චන්දන සූරියආරච්චි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-x-T3I3VrLlo0PokAiPN6I_4CjMq1bg9lTiCb_gEEzgj5FpJVvCd_g-GwsbE7D2lLBJG1nD5yI58HmTqFlDzCJrSULSQgurkton1wrd6kN9aLI2kbafrNO2tRCXqMPxrm0Cib6qd6pGTZZwsEcaNY1u6QgFvP-mn1Z4iup2xsIK4vY8lZCBfDQNCR7JTe/s320/chandana.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-x-T3I3VrLlo0PokAiPN6I_4CjMq1bg9lTiCb_gEEzgj5FpJVvCd_g-GwsbE7D2lLBJG1nD5yI58HmTqFlDzCJrSULSQgurkton1wrd6kN9aLI2kbafrNO2tRCXqMPxrm0Cib6qd6pGTZZwsEcaNY1u6QgFvP-mn1Z4iup2xsIK4vY8lZCBfDQNCR7JTe/s72-c/chandana.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_942.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_942.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy