දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විහිළුකාරයන්ට රට හදන්න බෑ… රනිල් නැවත ජනපති කළ යුතුයි… නැත්නම් රට යටත්විජිතයක් වෙනවා…! – වජිර…

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවට 1977 ආර්ථික පරිවර්තනය මෙන් දහස් ගුණයක මහා ආර්ථික පරිවර්තනයක් අවශ්‍ය වී ඇති බවත් එවන් ආර්ථික පරිවර්තනයක් සිදුක...

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවට 1977 ආර්ථික පරිවර්තනය මෙන් දහස් ගුණයක මහා ආර්ථික පරිවර්තනයක් අවශ්‍ය වී ඇති බවත් එවන් ආර්ථික පරිවර්තනයක් සිදුකළ හැකි දැනට සිටින එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

“මේ ආර්ථික පරිවර්තන පනත හැදුවේ වැටෙන රට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩගන්න. නමුත් දැන් ඒක සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දූෂණ විරෝධී පනත ගෙනාවේ රටට යහපතක් කිරීම සඳහා. ඊළඟට පාර්ලිමේන්තු අයවැය කාර්යාලය, මේක ගෙනාවෙ මුදල් පරිපාලනය නිසි ආකාරව සිද්ධ කරන්න. මේ වගේ පනත් රාශියක් ගෙනල්ලා තිබුණා.

දැන් මේ පනත් සියල්ලම විනාශ කරලා ඉවරයි. දැන් මේ පනත්වලින් ආපහු රට ගොඩනගන්න බෑ.
එහෙනම් අලුත් යුගයක් අවශ්‍යයි. ශ්‍රී ලාංකීය මහ ජනතාව මතක තබාගත යුතුයි, ඒ යුගය 77 ඇති වුණු යුග පෙරළියට වඩා මහා පරිමාණ යුග පෙරළියක් විය යුතුයි. එහෙනම් විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ මේ ආර්ථික ප්‍රතිපත්ති, පනත් සියල්ල විනාශ කළාට පස්සේ කොහොමද ඒක ගොඩගන්නෙ කියන එක. මහ ජනතාව නැවත සුරංගනා කතාවලට හසු නොවිය යුතුයි.

77 කරපු පරිවර්තනය නිසා ඔබ කැමරා අල්ලාගෙන ඉන්නවා, ඔබට රූපවාහිනී යන්ත්‍ර ලැබිලා තියෙනවා, ඔබට මෝටර් සයිකල් ලැබිලා තිබෙනවා, ඔබට බස් ලැබිලා තියෙනවා, ඔබට විදුලිය ලැබිලා තිබෙනවා, ඔබට සෞඛ්‍ය, අධ්‍යාපනය ලැබිලා තිබෙනවා. දැන් ඒ වගේ දහස් ගුණයක පිම්මක් ආර්ථිකයට අවශ්‍ය කරලා තිබෙනවා. ඒක කරන්න බෑ මේ විහිළු සපයන දේශපාලන පක්ෂ මහජනයා නොමග අරිමින් කරන ක්‍රියාවලියෙන්.

ඒක කරන්න පුළුවන් එකම නායකත්වය ඉතුරු වෙලා තිබෙන්නෙ රනිල් වික්‍රමසිංහ නමැති අවුරුදු 50ක දේශපාලන පළපුරුද්ද, ආර්ථික අත්දැකීම් සහ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි නායකත්වය. එතුමාගේ ප්‍රයෝජනය ශ්‍රී ලාංකික මහ ජනතාව ලබාගත යුතුයි. එසේ ලබා නොගත්තොත් මේ රට යටත් විජිතයක් වනු ඇත.”

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව පැවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30140,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විහිළුකාරයන්ට රට හදන්න බෑ… රනිල් නැවත ජනපති කළ යුතුයි… නැත්නම් රට යටත්විජිතයක් වෙනවා…! – වජිර…
විහිළුකාරයන්ට රට හදන්න බෑ… රනිල් නැවත ජනපති කළ යුතුයි… නැත්නම් රට යටත්විජිතයක් වෙනවා…! – වජිර…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguHVOHEPYu5lKzVIsDgEyqy1edeQI_7zRf6TW9iXXQJLUHoxLDTllDzFugzLVUhxbBiAGm1cq8pmfzwYlyHgTu6xDa88l3hKzFVlC52OMAQ3ikvhPWarEJ-0qNvhK28EsBQz4G0sKQujDDvmwR8WDseh0poqEliJNdhRA26H1faddbGcJwON_8FEVomg0j/s320/ddds.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguHVOHEPYu5lKzVIsDgEyqy1edeQI_7zRf6TW9iXXQJLUHoxLDTllDzFugzLVUhxbBiAGm1cq8pmfzwYlyHgTu6xDa88l3hKzFVlC52OMAQ3ikvhPWarEJ-0qNvhK28EsBQz4G0sKQujDDvmwR8WDseh0poqEliJNdhRA26H1faddbGcJwON_8FEVomg0j/s72-c/ddds.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy