දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම, වැඩ තහනම් කිරීම නීති විරෝධියි.. මානව හිමිකම් කඩවෙලා..- මානව හිමිකම් කොමිසම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.
ඒ උපුල්දෙණිය මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනය අවසන් කරමිනි.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම හා වැඩ තහනම් කිරීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම නිගමනය කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට චෝදනා එල්ලවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මතය.

ඒ අනුව අතරතුර ඔහුගේ වැඩ තහනම් කිරීමට 2025 වසරේ ජුනි 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ විමර්ශන අපක්ෂපාතීව සිදුකළ යුතු බව පවසමිනි.

සිදුකළ විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා 2025 වසරේ ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගැනෙන අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුව ඇපමත මුදාහැරිණි.

මෙම සිදුවීමේදී උපුල්දෙණිය මහතාගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව ඔවුන් සිදුකළ විමර්ශනයේදී නිරීක්ෂණය කර ඇත්තේ වින්දිතයා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව හා ප්‍රමාණාත්මකව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බවත් මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වේ.

එහිදී ඔවුන් වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

එසේම, අධීකරණ අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව තුළ වින්දිතයා සබැඳිව සහ සිදුවීම පිළිබඳ කරුණු ප්‍රමාණවත්ව සහ නිසිලෙස ඉදිරිපත් කර නොමැති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.

වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය හෙවත් බලතල පවරා තිබියදී ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීම සිදුකර නොමැති බව කොමිසමේ නිරීක්ෂණය වේ.

එබැවින් වින්දිත උපුල්දෙණිය මහතා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යස්ථාව වන, නීතිය පසිඳලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට වන වගන්තිය සහ, 13 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අත්තනෝමතිකව සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම යන කරුණුවලට අදාළව මෙම උල්ලංඝනය සිදුවී ඇති බව සඳහන්.

එවන් පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවය.

එසේම, වින්දිතයාගේ වැඩතහනම් කිරීමේ ක්‍රියාවලියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් සියලු කරුණු සලකා අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතා සම්බන්ධව සුදුසු පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ යුතු බවත් දන්වා ඇත.

2026 අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.

-Adaderana

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30136,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම, වැඩ තහනම් කිරීම නීති විරෝධියි.. මානව හිමිකම් කඩවෙලා..- මානව හිමිකම් කොමිසම
තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම, වැඩ තහනම් කිරීම නීති විරෝධියි.. මානව හිමිකම් කඩවෙලා..- මානව හිමිකම් කොමිසම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUkivAeRbCN2PlJtDPIJ7FBEEgiYkvfryYosowLHeEt9t_9EWJJFzkI-U6Jrr4eKgGb3KZabhV2WwNTyGid15CvCe37RPZrDxSdnfyyg9lP0gCVVJD-b8XSiUbFBYS2Mo15J3LGEqQlAh-SMZa7kc-aRL8L_UviXnNFPT5Sj3zYMDDIzC8u4-z9kcLNthv/s320/thushara-upuldeniya.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUkivAeRbCN2PlJtDPIJ7FBEEgiYkvfryYosowLHeEt9t_9EWJJFzkI-U6Jrr4eKgGb3KZabhV2WwNTyGid15CvCe37RPZrDxSdnfyyg9lP0gCVVJD-b8XSiUbFBYS2Mo15J3LGEqQlAh-SMZa7kc-aRL8L_UviXnNFPT5Sj3zYMDDIzC8u4-z9kcLNthv/s72-c/thushara-upuldeniya.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy