දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…

පිල්ලෙයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන මේ වනවිට පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් TMPV පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක,  හිටපු පළාත්...

පිල්ලෙයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන මේ වනවිට පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් TMPV පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක,  හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී සහ ඔහුගේ අනුගාමිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) අත් අඩංගුවට ගත්තේය.

ඉනියභාරතී සහ ඔහුගේ සමීපතමයා අත් අඩංගුවට පත් වන්නේ 2005 සිට 2008 දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සිදුවූ කප්පම් ගැනීම් පැහැරගෙන යෑම්, මිනී මරුම්, පුද්ගලයින් අතුරුදහන් කිරීම්, ගිනි අවි භාවිතයන් සහ වධකාගාර පවත්වාගෙන යෑම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඉනියභාරතී සහ ඔහුගේ ගෝලයා අත් අඩංගුවට ගෙන තිබේ.

ඉනියභාරතී වර්ෂ 2004 දී එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත වූ කරුණාඅම්මාන්ගේ පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කඳවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබිණි. මොහු කරුණා අම්මාන් නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේය. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඔහු නැගෙනහිර පලාතේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස 2012 සහ 2015අතර කාලය තුළ කටයුතු කළේය.

නැගෙනහිර විශ්විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් වර්ෂ 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව මේ වනවිට ඔහුගේ නායකයා වූ සිවනේසිතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කරමින් ඇත.

ඉනියභාරතී සහ ඔහුගේ ගෝලයා සම්බන්ධ විමර්ශන වලදී අනාවරණය වූ අපරාධ සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

*2005.02.07 වන දින පොළොන්නරුව, වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේදී ටී. එන්. ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම් චන්ද්‍රනේරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ඝාතනය කිරීම.

*2007.05.09 වන දින ජොන්සන් ජෙයකාන්තන් නොහොත් සින්දුජන් යන අය ඝාතනය කිරීම.

*2007.06.28 වන දින තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා සභාපති පිල්ලනායගම උදය කුමාර් යන අය ඝාතනය කිරීම.

*2007.07.27 තිරුක් කෝවිල් ප්‍රදේශයේ පදිංචි සිවනාදිගන් අලගු රාසා යන අය පැහැර ගැනීම.

*2008.04.20 කල්මුණේ පොලිස් වසමේ පාණ්ඩිරිප්පු ප්‍රදේශයේදී කන්දයියා නාගරාසා සහ කනගරත්නම් ආනන්දි යන ග්‍රාම නිලධාරී යුවළ ඝාතනය කිරීම.

*2008.09.25 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි තිරුමාල් තිරුවෙල්වම් යන අය පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම.

*2008.11.21 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි රාසයියා කෝපුලන් යන අය වෙඩි තබා ඝාතනය කිරීම හා ඔහුගේ මවට වෙඩි තබා තුවාල සිදු කිරීම.

*2022.12.21 වන දින අක්කරපත්තු අධිකරණයට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට මෙම සැකකරුවන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇත් ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඉනියභාරතී සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තා වලට අනුව නැගෙනහිර පළාතේ පුද්ගල ඝාතන, පැහැරගැනීම්, වදකාගාර පවත්වා ගෙන යාම, ගිනි අවි පරිහරණය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ද නම් කර ඇති බවට අනාවරණ වී ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තවදුරටත් විමර්ශන සිදුකරගෙන යනු ලබන බව පොලිසිය කියයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29509,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…
පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii_02nllaASsREzWA1TafqKnbnhCied0a5FOWQk0MMXWYEgF8zKhla2WsVJ6rlDEPR8FvGgTxHj4MFGclISER_jUTfWcm62a8zQ08QhN9Zv6R_bfBvIBsiOA9gHBDWDvhyvBnH2xTphKrGiEoD5gtU4B1-Vp6mNZEu4UvfCmWpo-CgKdrta_vOsNEs6Xae/s320/Iniyabharathi-750x500.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii_02nllaASsREzWA1TafqKnbnhCied0a5FOWQk0MMXWYEgF8zKhla2WsVJ6rlDEPR8FvGgTxHj4MFGclISER_jUTfWcm62a8zQ08QhN9Zv6R_bfBvIBsiOA9gHBDWDvhyvBnH2xTphKrGiEoD5gtU4B1-Vp6mNZEu4UvfCmWpo-CgKdrta_vOsNEs6Xae/s72-c/Iniyabharathi-750x500.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/07/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/07/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy