ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. එසේ නොම...
ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. එසේ නොමැතිව විපක්ෂ නායක කී පළියට හෝ ජනතාව උද්ඝෝෂණ වැඩ වර්ජන කළ පළියට හෝ ජාතික වශයෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ නොගෙන නොසිටින බව, ඔහු අවධාරණය කළේ.
එහෙම නැති වුවහොත් මේ රට නැවතත් කඩා වැටීමට ලක්වන බව ද ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කරයි.
කඩා වැටුණු රට දැන් යම් මට්ටමක ගමන් කිරීම පිළිබඳ ජනතාව සතුටු විය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.
මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව කීය.
“ජාත්‍යන්තර මූල්‍ය අර මුදල වැඩසටහන ඒක කිසිසේත්ම කඩාපල් වෙන විදියකට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ අපි ඉතිරි ටිකත් යනවා.
ඒ වගේම මූල්‍ය මුදලයි රජය එකඟ වෙච්ච ඉලක්ක සම්පූර්ණ කරමින් යනවා.
2028 අවුරුද්දෙන් පස්සේ අපි ණය ගෙවන්න පුළුවන් තත්ත්වයට පත්විය යුතුමයි.
විපක්ෂ නායකතුමා මොනවා කිව්වත් අපි රජය ගන්න ප්‍රතිපත්ති තීරණ වෙනස් කරන්නේ නෑ.
ජනතාව උද්ඝෝසනය කරා හෝ වැඩවර්ජන කරා හෝ ජාතික වශයෙන් අරගත යුතු ප්‍රතිපත්තිමය තීරණ අපි කිසිසේත්ම නොගෙන ඉන්නේ නැහැ.
එහෙම නැති වුනත් මේ මුළු පද්ධතිය නැවත කඩාගෙන වැටෙනවා”
COMMENTS