පසුගියදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම කල් දැමීමට සිදුවූයේ, එම රැස්වීම සඳහා පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙ...
පසුගියදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම කල් දැමීමට සිදුවූයේ, එම රැස්වීම සඳහා පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, එනම් මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක, පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සහ ආධාරකරුවන් විසින් චෝදනා නැගීම හේතුවෙනි. මෙම සිදුවීම මහත් ආන්දෝලනයක් ඇති කළේය.
ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් ඇතුළු පිරිස් විසින් සමගි ජන බලවේගයට චෝදනා කළේ, තම මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැරගෙන යාම ඔවුන්ගේ ක්‍රියාවක් බවටයි. කෙසේවෙතත්, පසුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා උණවටුන මුහුදු තීරයේදී හමුවී ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කැබ් රථයකින් පැමිණි පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් පසුව මෙම මුහුදු තීරයෙන් දමා ගිය බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය චෝදනා කළේ, මෙම පැහැරගැනීමේ සිදුවීම ආණ්ඩු පක්ෂය විසින්ම කරන ලද “නාටකයක්” බවටයි. එහිදී සිද්ධිය ඇසින් දුටු බව කියන කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ, පැහැරගැනීමක් වැනි කිසිවක් තමා නොදුටු බවත්, අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉතා සතුටින් වාහනයක නැගී යන අයුරු දුටු බවත් ය.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, පැහැරගැනීමට ලක්වූ බව කියන මන්ත්‍රීවරුන් දෙදෙනාද ඊට සහභාගී වූහ.
එහිදී, පැහැරගැනීමට ලක්වූ බව කියන අජිත් ප්‍රියන්ත මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය:
“අපි දන්නා සියලු කරුණු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශ වෙත ලබා දී තිබෙනවා. එසේ තිබියදීත්, අපට විරුද්ධව දිගින් දිගටම මඩ ප්‍රචාර සිදු කරනවා මෙන්ම, මෙම සිදුවීම නොමග යැවීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. තවද, කිසිදු බියක් නොමැතිව, සීරීමක් හෝ අරගලයක් නොමැතිව වාහනයට නැග්ගා යැයි ඔවුන් ප්‍රකාශ කරනවා. මටත් මරණ බියක් තිබෙනවා. මට දරුවන් සිටිනවා. පියෙකු ලෙස මගේ දරුවන්ට මා ආදරෙයි. එම සහෝදරියටත් මටත් එහිදී සටන් කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. එබැවින් අපි ඔවුන්ට යටත් වුණා. ඊට අමතරව වෙනත් කිසිවක් එහිදී සිදු වූයේ නැහැ. හෝටල්වල සිට අසු වූ බවටත්, නිරුවත හෙළි වූ බවටත් අපට විවිධ අද්භූත චෝදනා එල්ල කරනවා. සමාජ මාධ්‍ය හරහා විවිධ ආකාරයෙන් පුද්ගලික අපහාස සිදු කරනවා. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් පැහැදිලි වන්නේ, හිටපු සභාපති බැට්ටගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම ක්‍රියා සිදු කරන බවයි.”
පැහැරගැනීමට ලක්වූ බව කියන කමනි අල්විස් මන්ත්‍රීවරියද මෙසේ පැවසුවාය:
“ඊයේ පෙරේදා සර්වජන බලයෙන් ඉල්ලූ අපේ තනූජා මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන්නේ, මා වාහනයෙන් බැස වාහනයට නැග්ගා කතාවක්. එම තනූජාගේ නිවස අසලින් යන විට, තනූජා සහ ඇගේ සැමියා දුරකථන සංවාදයක නිරතව සිටියා. පසුපස හැරී බැලූ විට, මා අත වැනූ අතර ඇයත් මට අත වැනුවා. එම සිදුවීම සිදුවූයේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ගිය පසුවයි. දැන් තනූජා පවසනවා මම වාහනයට නගිනවා දුටු බවත්, ඉතා සතුටින් ගිය බවත්. ඇත්තෙන්ම මම සතුටින් තමයි ගියේ, මන්ද එය සභාවට යන පළමු දිනය වූ නිසා. තනූජා ප්‍රකාශ කරන්නේ, මා විසින්ම වාහනයක් ගෙන්වාගෙන මා විසින්ම පැහැරගෙන ගියා කියායි. එසේනම්, මා සම්බන්ධයෙන් තනූජා වඩා හොඳින් දන්නවා විය යුතුයි. තනූජාගේ නිවස සහ සිදුවීම සිදුවූ ස්ථානය අතර විශාල දුරක් තිබෙනවා. එක්කෝ තනූජා මා පසුපසින් පැමිණ තිබෙනවා. පසුපසින් පැමිණ ඇත්තේ යම් දෙයක් දන්නා නිසා විය හැකියි. එසේ නොමැති නම්, ඇය යමෙකුට කතා කර තොරතුරු ලබාගෙන, යම් සිදුවීමක් සිදුවී තිබෙනවා.”
-lankacnews
COMMENTS