දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…
Homeප්‍රවෘත්ති

තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

PropellerAds

පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී ස...

පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති හා උපසභාපති තෝරන මාර්ගෝපදේශ පිළිබද පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 2025 නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශ
අනුගමනය කරමින් රටේ ප්‍රදේශවල මේ කාර්යය නියමිත ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවත් මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සදහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සදහන් බවත් එහි දී එක් එක් සභිකයාගේ නම අඩගසා විමසන ආකාරය ගැන සදහන්ව ඇති බවත් එසේ තිබියදී සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ ක්‍රියාත්මක කිරීම තුළ සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වන බවත් කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට ස්ථාන ගණනාවකදී මේ මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
-lankacnews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…
තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigTfHi3IIlNzOftBGkSc7693H7v74mM_c4WkYsUXOtN7B9vGACVvz0kqbQWQoUL2z7tnTs0Y2aYueUMNO95RIEhmbnP9Hwivun4W2SD4HMyfy0p7LnCu78vblNVRUX9N26PsRM-PL94lnb9uvQwVJ5syMiA68TPMwpop-eeT6nP8j68aDAG__Db6kL6cMl/s320/koma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigTfHi3IIlNzOftBGkSc7693H7v74mM_c4WkYsUXOtN7B9vGACVvz0kqbQWQoUL2z7tnTs0Y2aYueUMNO95RIEhmbnP9Hwivun4W2SD4HMyfy0p7LnCu78vblNVRUX9N26PsRM-PL94lnb9uvQwVJ5syMiA68TPMwpop-eeT6nP8j68aDAG__Db6kL6cMl/s72-c/koma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy