වත්මන් ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඔහුව නැවත දේශපාලන කරළිය මත ජයග්‍රාහී චරිතයක් බවට පත් කි...
වත්මන් ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඔහුව නැවත දේශපාලන කරළිය මත ජයග්‍රාහී චරිතයක් බවට පත් කිරීමට සැකසූ "මහින්ද සුළඟ" නම් නුගේගොඩින් ආරම්භ කර රටපුරා ප්‍රධාන නගරවල පැවැත්වූ රැස්වීම් මාලාව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට සැකසූ එකක් බව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා කියයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ "බොලේ ගම්මං පිලේ" යන සිරස්තලය යටතේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
එසේම එහි වැඩිදුරටත් ""රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඔවුන් භේදබින්න කලයුතුය" යන්න සිතූ පලමු මිනිසා විමල්වත් උදයවත් නොවේ" යනුවෙන් සටහන් තබමින් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල රාජපක්ෂ සහෝදරයන් භේද භින්න කිරීමට උත්සාහ කරන බවට අනතුරු ඇඟවීමක්ද වැලිවත්ත මහතා කර තිබේ.
කෙසේවුවද, "එසේ සිතූ බොහෝ දෙනා එවැන්නක් සිතූ සැනින්ම දේශපාලනයෙන් අතුගෑවී ගියේය." යනුවෙන් ඔහු ඔවුන්ට අවවාදයක්ද සහිතව මේ සටහන තබා තිබේ.
ආචාර්ය වැල්ලවත්ත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට තරග කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවලට සහභාගිවූ අයෙකිත.
ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්තයකු ලෙස ද සැලැකේ.
වැලිවත්ත මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහත දැක්වේ.

COMMENTS