දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල

PropellerAds

බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝ...

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා
එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ
ලෝකයේ රටවල් 40කින් 21,000ක් පැමිණ බෝරා මුස්ලිම් සමුළුව කොළඹදී.. බම්බලපිටියේ දැඩි ආරක්‍ෂාවක්..
බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන පදනම් විරහිත ලියැවිල්ලක්. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය මෙවැනි ලියැවිල්ලක් සකසාවිදැයි විශ්වාස කරන්නත් අමාරුයි.

පළමු චෝදනාවෙන් කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ඉන්ධන මිළ ඉහළ දැමීමක් කළ බවයි. ජනාධිපතිතුමා පවසන්නේ තමන්ද අගමැතිතුමා ද සහභාගි වුණු අමාත්‍ය මණ්ඩලය පත් කළ කමිටුවකින් ඉන්ධන මිළ ඉහළ දැමීමට තීරණය කළ බවයි. දැන් විපක්ෂය විශ්වාස කරන්නේ කාවද? විධායකයේ ප්‍රධානියා වගේම රාජ්‍යයේ ද ප්‍රධානියා වන ජනාධිපති ද නැතිනම් ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නේ නැති සාගර කාරියවසම් මැතිතුමා ද?

ඒ වගේම 1961 අංක 28 දරණ ඛනිජතෙල් සංස්ථා පනතේ 66 වන වගන්තිය අනුව මුදල් ඇමතිවරයාගේ එකඟතාවයෙන් ඉන්ධන මිළ වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙන්නේ නෑ වගේම කවදාවත්ම ඇමති මණ්ඩලය විසින් ඉන්ධන මිළ වැඩි කරලාත් නෑ. ඉතින් මේ නීතිය දන්න එකම එක මන්ත්‍රි කෙනෙකුවත් සමගි ජන බලවේගයට නැද්ද?

දෙවන චෝදනාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(1) වගන්තියේ අඩංගු රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝණය කර 28 වගන්තියේ අඩංගු මූලික යුතුකම් පැහැර ඇති බවයි. 27 වගන්තියේ මූලධර්ම 21ක් තිබෙනවා. 28 වන වගන්තියේ යුතුකම් හයක් තිබෙනවා. ඉතින් මොන යුතුකම ද මොන වගකීම ද කඩ කලේ කියන්නේ නැතුව මේ චෝදනාවට අර්ථයක් තිබෙනවා ද?

ලෝක වෙළඳපොලේ තෙල් මිළ පහත වැටුණු සමයේ තෙල් සංස්ථාව කෙතරම් ලාභයක් ලැබුවා ද රජය කෙතරම් ලාභ ලැබුවා ද කියා මම පාර්ලිමේන්තුව දැනුම්වත් කලේ නැහැ කියලා තුන්වන චෝදනාවෙන් කියන්නේ . විපක්ෂය දන්නේ නැති වුණාට ආණ්ඩු ලාභ ලබන්නේ නෑ. ආදායම් පමණයි ලබන්නේ. 2020 වසරේ තෙල් සංස්ථාව කෙතරම් ලාභයක් ලැබුවා ද තෙල් මත බදු අය කර ආදායමක් ලැබුවා ද කියන එක පාර්ලිමේන්තුව දැනටමත් ඉදිරිපත් කරලා තිබෙන 2020 මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබෙනවා. මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කළ කිසිම කෙනෙකු මහ බැංකු වාර්තාව කියවා නැති බවයි මේ යෝජනාව හරහා රටට කියන්නේ. ඒ වගේම මම ඇමති වුණේ 2020 අගෝස්තු මිස 2020 ජනවාරි නොවන බවත් විපක්ෂයට මතක් කරන්න ඕනෑ.

හතර වන චෝදනාවෙන් කියන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ අඩු කර ඛනිජතෙල් මිළ අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන බවට පොරොන්දු ඉටු නොකළ බවයි. මම ඉතාම වගකීමෙන් කියනවා මම එහෙම පොරොන්දුවක් ජනතාවට දුන්නේ නෑ. එහෙම නම් මට විශ්වාස භංගයක් ගේන්නේ ඇයි?

පස් වන චෝදනාවෙන් කියන්නේ වසර දෙකකට ඉන්ධන මිළ වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටු නොකලාලු. කවුද දෙයියනේ එහෙම පොරොන්දුවක් දුන්නේ ? මම නම් එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ.

හය වන චෝදනාව වන්නේ පිහිට වූ මිළ ස්ථායිකරණ අරමුදලට මොකද වුණේ කියන එක ජනතාවට දැන්වීමට අසමත් වුණා කියන එකයි. මිළ ස්ථායිකරණ අරමුදල පිහිට වූයේ මම නොවේ. ඒ අරමුදල පිහිටුවන්න තීරණය කලේ 2020 මාර්තු 30 දා. ඒ අවස්ථාව වන විට අඩුම ගණනේ මම ඇමතිවරයෙකුවත් නොවේ. ඒ වගේම ඒ පත්‍රිකාව ඉදිරිපත් කලේ මගේ අමාත්‍යාංශයෙන්වත් නොවේ. නමුත් ඒ අරමුදලට මොකද වුණේ කියන එක මම තමයි ජනතාවට කිව්වේ කියන එක විශේෂයෙන්ම කියන්න ඕනෑ. ඒක සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ට නොතේරුණු නිසා මම අද නැවත කියන්නම්.

2020 මාර්තු මාසයේ මිළ ස්ථායිකරණ අරමුදල නමින් අරමුදලක් පිහිටු වූවාට ඒක ඇත්තටම මිළ ස්ථායිකරණ අරමුදලක් වුණේ නෑ. මිළ ස්ථායිකරණ අරමුදලකින් වෙන්නේ මිළ පහත වැටෙන විට මිළ අඩුවීමේ වාසියෙන් කොටසක් මිළ ස්ථායිකරණ අරමුදලකට මාරු කර ඒ මුදල් ආයෝජනය කරනවා. ඉන්ධන මිළ වැඩි වන විට ඒ අරමුදලින් ඉන්ධන අලෙවි කරන ආයතන වලට සිදු වන පාඩුව පියවමින් ඉන්ධන මිළ ස්ථාවරව පවත්වා ගන්නවා. නමුත් 2020 හැදුවේ එහෙම අරමුදලක් නොවේ.

2020 වසරේ ආණ්ඩුවේ ආදායම දැඩි ලෙස පහත වැටුණා. සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණා. විදේශ අයෝජන නැවතුණා. දස දහස් ගණනින් විදෙස් ගත ශ්‍රමිකයෝ ලංකාවට ඇවිත් ශ්‍රමිකයින් එවන විදේශ විනිමය අඩු වුණා. දැවැන්ත බදු මුදලක් ලබා දෙන වාහන ආනයනය නැවතුනණා.

ආණ්ඩුවේ ආදායම ඇදගෙන වැටෙන අතරේ කොරෝනා නිසා රුපියල් බිලියන 300කට ආසන්න අතිරේක වියදමක් ඇති වුණා. ඒ වගේම අධ්‍යාපනයට සෞඛ්‍යයට ප්‍රවාහනයට මාර්ග හදන්න මුදල් වැය කරන්න ඕනි. ඒ නිසා ඒ වියදම් දරා ගන්න තෙල් බදු ආදායම පාවිච්චි කළා. මේ අරමුදල ආරම්භ කරන්න දාපු රුපියල් බිලියන 48ටත් විදුලි බිල වැඩි කරන එක නතර කරන්න විදුලිබල මණ්ඩලයට ප්‍රදානයක් ලෙස දුන්නා. මිළ ස්ථායිකරණ අරමුදලට වුණේ මොකද්ද කියන එක පාර්ලිමේන්තුවටත් ජනතාවටත් කිව්වේ නෑ කියා විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය දැක්කේ නැති වුණාට මහ බැංකු වාර්තාවේ තිබෙනවා. අනිත් එක මිළ ස්ථායිකරණ අරමුදල නමින් අරමුදලක් හැදුවේ මම නොවේ. අඩුම ගණනේ මගේ අමාත්‍යාංශයෙන්වත් නොවේ. එහෙම නම් ඒක ගැන මගෙන් අහන්නේ ඇයි?

තෙල් මිළ අඩුවීම තුලින් ආණ්ඩුවට ලැබෙන ලාභය යොදාගෙන තෙල් සංස්ථාව ණයගැති භාවයෙන් මුදා ගැනීමට දුන් පොරොන්දුව ඉටු නොකළ බව හත්වන චෝදනාවයි. මම කවදාවත් එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ. මම දුන්නු පොරොන්දුව තිබෙන හඬ පටය පෙන්වන්න කියා මම මේ විශ්වාස භංගයට අත්සන් කළ මන්ත්‍රිවරුන්ට අභියෝග කරනවා.

අටවෙනි සහ නවවන චෝදනා වලින් කියන්නේ ඉන්ධන මිළ ඉහළ යෑම නිසා ජීවන වියදමත් නිෂ්පාදන වියදමත් වැඩි වුණා කියන එකයි. ඒක ඉන්ධන මිළ වැඩි කළ සෑම අවස්ථාවකම වුණු එකක්. 2013 දී ඩීසල් රු121/-ටත් පෙට්‍රල් 162/-ටත් වැඩි වුණා. නමුත් කවුරුවත් බලශක්ති ඇමතිට විශ්වාස භංග යෝජනා ගෙනාවේ නෑනෙ. ඉන්ධන මිළ වැඩි කරනවා වෙනුවට අපි කළ යුතුව තිබුණේ කුමක්ද? විවේචන වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න කියා අපි විපක්ෂයෙන් ඉල්ලුවත් අද වන තුරු විකල්ප ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා.

රජය පත්වීමේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වෙලා වුණා කියන එකයි දසවන චෝදනාව. ඉතින් ඒකට මම ඉල්ලා අස්විය යුත්තේ ඇයි? ආණ්ඩුව පත් වුණෙ පස් වසරකට. ඒ කාලය අවසන් වුණාම ආණ්ඩුව පිළිබඳ තීන්දුව ගත යුත්තේ ජනතාව මිස විපක්ෂය නොවේ.

දැන් බලන විට චෝදනා 10ම පදනම් විරහිතයි. ඒ කියන්නේ චෝදනා එකක්වත් නෑ. විශ්වාස භංගයකුත් නෑ. හරියට විශ්වාස භංග යෝජනාවක් සකස් කරන විධිය දැන ගන්න ඕනෑ නම් රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදියුඩීන් සහ රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ට එරෙහිව අපි ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා අධ්‍යනය කරන්න කියලා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

මේ චෝදනා දහයෙන් එකක්වත් මා කළ වරදක් සඳහන් වන්නේ නෑ. ඒ නිසා විශ්වාස භංග නමින් විශ්වාසය පල කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ විපක්ෂයේ සහෝදර මන්ත්‍රිවරුනි ඔබට බොහොම පිං.

ප්‍රශ්නය

පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දක්වන අදහස් එක්ක මේ විශ්වාසභංග ජයග්‍රහණය කළ හැකි යැයි ඔබතුමාට විශ්වාසයක් තියෙනවද ?

පිළිතුර

මම විශ්වාස කරනවා අපේ ආණ්ඩු පක්ෂය තුළ විපක්ෂයේ න්‍යායපත්‍රයට නැටවෙන විපක්ෂ රූකඩ කිසිවක් නැහැ කියලා. හැබැයි ඇත්තටම විපක්ෂයේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන තෙල් සමාගම් වලින් නඩත්තු වන මන්ත්‍රීවරුන් කවුරුන් හෝ අපේ ආණ්ඩු පක්ෂයේ සිටිනවා නම් ආණ්ඩුව පිහිටුවා වසරක් වගේ කාලයක් තුළ එය හෙළිදරව් කර ගැනීමට හැකි වීම ආණ්ඩුව ලබන ජයග්‍රහණයක්. විපක්ෂය විසින් රිංගවන ලද හෝ ලංකාව තුළ තෙල් පිරිපහදු අලුතින් ඇතිවෙලා රට තුළින් තෙල් සහ ගෑස් සම්පත මතුකරගෙන පිටරටින් ඒවා ගෙන්වන සමාගම් වලට පාඩුවක් සිදු වෙනවාට අකමැති මන්ත්‍රීවරුන් මේ ආණ්ඩු පක්ෂය තුළ සිටිනවා නම් කලින්ම හෙළි කර ගන්නට ලැබෙනවා කියන එක අපි ලබපු ස්වර්ණමය අවස්ථාවක්.

ප්‍රශ්නය

බැසිල් මහත්තයා ලංකාවට ආවහම ඒ අය කියන විදියට තෙල් මිල අඩුවීමක් වෙයිද ?

පිළිතුර

මම ද යන්නේ නෑ බසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එන්නේ කවද්ද කියලා. ඒ වගේ මම දන්නේ නැහැ තෙල් මිලයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැමිණීමයි අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. අද මේ තීන්දුව ගත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පත් කරපු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් විසින්. විවේචනය කරන හැමෝටම කියනවා විවේචන වෙනුවට විකල්ප දෙන්න කියලා. අඩු කරනවානම් කොහොමද ඒකට අවශ්‍ය ඩොලර් ටික හොයා ගන්නේ. ඒ සඳහා අරමුදල් හොයාගන්නේ.එහෙම කරන්න භාණ්ඩාගාරය විසින් වෙනත් විකල්ප නැහැයි කිව්වහම මහ බැංකුව විසින් කළ යුත්තේ මෙය යැයි උපදෙස් දුන්නහම ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය

ආරක්ෂාව සඳහා ගෙන ඇති ඇතැම් පියවරත් එක්ක රටට GSP+ සහනය අහිමි වෙන්නට යන බවත් කියවෙනවා. මේ ගැන ඔබතුමා මොකද කියන්නේ ?

පිළිතුර

GSP+ සහනය අපිට හරිම වැදගත් එය රැක ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ජාතික ආරක්ෂාව අනතුරේ දමා GSP+ රැක ගැනීමට නම් අපි සූදානම් නැහැ. ජාතික ආරක්ෂාව සහ GSP+ දෙකම රැකගැනීමට පුළුවන් නම් අප එතැන ඉන්නවා.

– midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල
බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1GQHPQc9kxWdvC5G4FXfJik7fYbKtrlstYuDMnsOfcuWAPBX9z9Kg_4kKA9YjilDskirMvI0hL0y4AAwvI0U2_P39YwwtrBEEkOdMBth0lAXIvage0S0WNcuwOk3wUCrEsZb245FLBjQ/s320/udaya-gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1GQHPQc9kxWdvC5G4FXfJik7fYbKtrlstYuDMnsOfcuWAPBX9z9Kg_4kKA9YjilDskirMvI0hL0y4AAwvI0U2_P39YwwtrBEEkOdMBth0lAXIvage0S0WNcuwOk3wUCrEsZb245FLBjQ/s72-c/udaya-gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy