දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

“මේ ආන්ඩුවෙන් අපිට ලයිෂන් ලැබුනා.. තව පොඩි කාලයක් දෙන්න” – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පෙරේදා  (24) දිනයේ පැවැත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙනි, හම්...

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පෙරේදා  (24) දිනයේ පැවැත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙනි, හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති කමිටු රැස්වීමට දිස්ත්‍රික්කය නියෝජනය කරනා රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී විය.

එහිදී නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා අදහස් දක්වමින් කියාසිටියේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් එම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය පොලීසියට අවශ්‍ය බවත් ය.

“මම උප පොලිස් පරීක්ෂක කාලෙත් කුඩු ඇල්ලුවා, පොලිස් පරීක්ෂක කාලෙත් කුඩු ඇල්ලුවා, සහකාර පොලිස් අධිකාරීවරයෙක් උනාමත් ඒක කෙරෙව්වා, ජේෂ්ඨ පොලිස් අධිකාරී වෙලත් කළා, දැන් නියෝජ්‍ය පොලිස්පති වෙලත් ඒක කරනවා. හැබැයි මේක නතරවෙලා නෑ. මේක ඔබ තමුන්නාන්සෙලා සියලුදෙනාම තේරුම් ගත යුතුයි, මේක ජාතික කර්ත්‍යවයක්. පොලීසියට මේක තනියම කරන්න බෑ.

කිසිම පොලිස් ස්ථානාධීපතිවරයෙක්ට නව රජය යටතේ කුඩු කාරයෙක් නිදහස් කරන්න කියා හෝ ඇප දෙන්න කියා කෝල් එකක් ඇවිත් නෑ.. ඒක මම වගකීමෙන් කියනවා, මටත් කව්රුත් කතා කරේ නෑ. ඒ නිසා අපිට වැඩකරන්න හොඳ පරිසරයක් හැදිලා තියනවා. හැබැයි අපිට කාලය දෙන්න. යුද්ධය අවසන් කරන්න අව්රුදු 30ක් ගියා, මේක ඊට වැඩිය යුද්ධයක්.

පාතාලය නැතිකරන විදිය අපි දන්නවා, මේක මහා ලොකු දෙයක් නෙවේ, අපි තමයි ලයිෂන් චන්ඩි, පාතාලෙට ඕනෙ විදියට කටයුතු කරන්න බෑ, ඒ ලයිෂන් චන්ඩින්ට ලයිෂන් චන්ඩි විදියට වැඩකරන්න අවස්ථාවක් තිබුනේ නෑ, දැන් ඒ අවස්ථාව ඇවිත් තියෙනවා.. අපිට පොඩි කාලයක් දෙන්න.”


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29111,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මේ ආන්ඩුවෙන් අපිට ලයිෂන් ලැබුනා.. තව පොඩි කාලයක් දෙන්න” – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
“මේ ආන්ඩුවෙන් අපිට ලයිෂන් ලැබුනා.. තව පොඩි කාලයක් දෙන්න” – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnpCUY6bkSOUKHHWYfFS4k-tfpQ9PEGIrDbF1KPbm8jd6cWyKoXLtwcyn9m-yRp_5O-4uPRRd7rEtIYwQNPgf0ofNjwa0jAVU8AEsKJrEOGcbqkWOaLG8hXMR96fCnil8O_H4R-mwRHBrozX8gjL4T-FvzBb7dcsIUrxvxVxB4y8m6cVVNgWjknyfm2-O6/s320/police.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnpCUY6bkSOUKHHWYfFS4k-tfpQ9PEGIrDbF1KPbm8jd6cWyKoXLtwcyn9m-yRp_5O-4uPRRd7rEtIYwQNPgf0ofNjwa0jAVU8AEsKJrEOGcbqkWOaLG8hXMR96fCnil8O_H4R-mwRHBrozX8gjL4T-FvzBb7dcsIUrxvxVxB4y8m6cVVNgWjknyfm2-O6/s72-c/police.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/12/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/12/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy