පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු අනුව වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින් ද ඊට ගෑවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු ක්...
"ජනාධිපති කොමිසම ගැන අපේ විශ්වාසය තියෙනවා, නමුත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ දැන් අලුත් අලුත් අයගෙ නම් මේ එළියට එනවා. හැබැයි ඒ ගොල්ලන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්නෑ කියලා තමයි මට පේන්නෙ.
ඒ කියන්නෙ එක පක්ෂෙක නෙවෙයි, අනිත් පැත්තෙත් ඉන්නවා මේකෙ නිදාගෙන හිටපු ඈයෝ. අපි හිතුවෙ ඉස්සෙල්ලා රජයේ විතරයි කියලා. ඉස්සෙල්ලා රජයේ විතරක් නෙවෙයි. ඒ රජයට විතරක් නෙවෙයි දැන් මේ ඉන්න රජයෙන් ඡන්දෙ ඉල්ලන අයත් - සමහර අයත් - නම් සඳහන් වෙලා තියෙනවා ලොකු අයගේ.
අපි ඉල්ලා සිටිනවා මේ පක්ෂ දෙකෙන්ම. මේ යන වැඩපිළිවෙල අපට මදි. මෙහෙම බෑ කරන්න වැඩ. කරුණාකරලා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච, සහයෝගය දුන්න, නම ගෑවිලා හරි තියෙන හැමෝම ප්‍රශ්න කරන්න. පාස්කු ප්‍රහාරය ඡන්ද වේදිකාවට ගන්න එක සුදුසු නෑ !" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
කාදිනල් හිමියන් මේ බව සඳහන් කළේ ඊයේ (07) රාගම, තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS