දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ!

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර...

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත. ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මේ් බව දැනුම් දී ඇ.

පාස්කු ප‍්‍රමාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් නීතීඥවරය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටළු සහගත බවත් ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සදහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.

මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන් අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

‘මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකියි’ යයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

‘මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කලා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටු වල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කලේ.  මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා’ යයි කී ඒ මහතා අගතියට පත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව කීවේය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28978,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ!
රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFxQEvr3HXIgqXChXl7SIYZR9vO84Mz8pbwdWGjP5LBOryHWH3cri1R_Lw5tyaCPLY1CTq06XLw1xHZ9bGLulxrqdC6cDa-9wQB2WOXd1VxwbwsR2yYvF1XDo2l3rFEvJRbBLdxZM2RCU_HMk-7sO74gI5SJq5mxLeIFtjnVT8HPNjipUsZGJyZif9iwLQ/s320/shani.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFxQEvr3HXIgqXChXl7SIYZR9vO84Mz8pbwdWGjP5LBOryHWH3cri1R_Lw5tyaCPLY1CTq06XLw1xHZ9bGLulxrqdC6cDa-9wQB2WOXd1VxwbwsR2yYvF1XDo2l3rFEvJRbBLdxZM2RCU_HMk-7sO74gI5SJq5mxLeIFtjnVT8HPNjipUsZGJyZif9iwLQ/s72-c/shani.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy