දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!

  බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය අනිවාර්යයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයෙන් දිනන බව සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත...

 
බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය අනිවාර්යයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයෙන් දිනන බව සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ට සහයා දක්වමින් මොනරාගලදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
“මගේ කකුලෙන් අදින දේශපාලන ජෝඩුව, රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොඳටම පහළින් ඉන්නේ.

උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. මම විශ්වාස කරනවා එසේ කරලා මේ රටේ පාලකයා වන පළවෙනි පාලකයා ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බව. සජිත් ප්‍රේමදාස කීවේය.

ඉන් අනතුරුව ඇඹිලිපිටියේ සහ අම්බලන්ගොඩ පැවති ජනරැළි අමතමින් ඔහු ප්‍රකාශ කළේ 21 වැනිදායින් පසු බිහිවන තමන්ගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමෙන් අසාධාරණයට ලක් වූ දරු දැරියන්ට සාධාරණයක් ඉටු කරන බවය.

“අන්ත අසරණ භාවයට පත් වුන ඒ ශිෂ්‍යත්ව වභාගයට මුහුණ දුන්න දූ දරුවන් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ” සජිත් ප්‍රේමදාස පැවසුවේය.

අනතුරුව ඇඹිලිපිටියේ ජන රැළිය අමතමින්ද ඔහු ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කළේය.

රනිල් වික්‍රමසිංහ කියනවා පුලුවන්ලු. අනුර කුමාර දිසානායක කියනවා එයාගෙ බොසාට පුලුවන් නම් මටත් පුලුවන්ලු.

හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහනවා පුලුවන්නම් ඇයි හරියට පහේ ශිෂ්‍යත්ව විභාගය තියාගන්න බැරි. ප්‍රශ්න පත්තරේ ලීක් වෙලා. ඉතින් මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් 
මොකද ලීක් වෙන්නේ. මොකද කාන්දු වෙන්නේ.

ඊලඟ කාරණාව මම මේකට ආරාධනා කරනවා ඔබ සියලුදෙනාටම සොයලා බලන්න කියලා. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් කවුද ප්‍රශ්න පත්තරේ ලීක් කළේ. වයඹ පලාතේ කොයි ප්‍රදේශයේ ද?. කොයි දිස්ත්‍රික්කයේ ද?. ලීක් කරපු පුද්ගලයා මොන පක්ෂයේ ද?

මම උත්තර දෙන්න යන්නේ නෑ. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්තයගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො බලන්න.
ඉතින් ලීක් උන පාලනයයි ලීක් කරපු පුද්ගලයොයි දැන් හොඳට ජෝඩු වෙලා. දේශපාලන ජෝඩුවක් වෙලා. හැබැයි මතක තියාගන්න, මේ අයගේ කුමන්ත්‍රණකාරී දේශපාලන විවාහය 21 වැනිදා දුරකථනයට ලැබෙන විශිෂ්ට ජන බලයෙන් ජන වරමෙන් මේ දීගය දික්කසාද වෙනවා කියන එක මේ අවස්ථාවේ දී කියන්න කැමතියි.
-lankasara

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28906,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!
මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwbgykH2Kll3M6ysMyNudSRALB01glnC9QoDEGpas-cMa8wXklc0QzT5Z2e21MGxanZkMxnc-dsXO2AnbeLxnY-Lxl6BhiMrwKp6yS17DopsLcQBRzBI2q9-bz8b1vyV6ptGDg4FKinQhQqrMPB4anTDmE5Ug6U-xkFRrPoVtoUhyphenhyphenziwbanrCAbIBGz4SO/s320/sajith-b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwbgykH2Kll3M6ysMyNudSRALB01glnC9QoDEGpas-cMa8wXklc0QzT5Z2e21MGxanZkMxnc-dsXO2AnbeLxnY-Lxl6BhiMrwKp6yS17DopsLcQBRzBI2q9-bz8b1vyV6ptGDg4FKinQhQqrMPB4anTDmE5Ug6U-xkFRrPoVtoUhyphenhyphenziwbanrCAbIBGz4SO/s72-c/sajith-b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy