ජ නාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී ජනාධිපතිවරයා පසුගිය වසර 5ක කාලයක් තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව කණගාටුව පළ කළ ඇති අතර ඒ සම්බන්ධ කරුණු ජනතාවට ලබන නොවැම්බර් 18 වැනිදා හෙළි කරන බව ජනාධිපතිවරයා පැවසු බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිළිබඳව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති කුමන පාර්ශවයක් විසින් හෝ මැතිවරණ අවසාන දින කිහිපය තුළ ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි කණගාටුව පළ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
COMMENTS