බ ස්නාහිර, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන්ට ලබන 18 වැනිදා දක්වා නිවාඩු ලබාදී, රජයේ වාහන, නිල නිවාස පරිහරණය තහනම් කරන ලෙස මැතිවරණ ක...
බස්නාහිර, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන්ට ලබන 18 වැනිදා දක්වා නිවාඩු ලබාදී, රජයේ වාහන, නිල නිවාස පරිහරණය තහනම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ජනපතිවරයා වෙත ඊයේ (11) ලිපියක් යොමුකරමින් මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (11 වැනිදා) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
මේ වන විට ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙසත්, පේෂල ජයරත්න වයඹ ආණ්ඩුකාරවරයා ලෙසත්, සරත් ඒකනායක උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙසත්, ශාන් විජේලාල් ද සිල්වා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කරති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මෙම ආණ්ඩුකාරවරුන් රජයේ සම්පත් භාවිත කරමින් දේශපාලන කටයුතුවල නිරත වන බවට පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය ලිපියෙන් පෙන්වාදී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව කටයුතු කරන මොහොතක ජනාධිපතිවරයාගේ පළාත් නියෝජිතයන් දේශපාලනය කිරීම ගැටලුවක් බව කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
එම නිසා මෙම ආණ්ඩුකාරවරුන් සිවුදෙනාට ලබන 18 වැනිදා දක්වා නිවාඩු ලබා දෙන ලෙසත් නිල නිවාස, වාහන පරිහරණය නොකරන ලෙසට උපදෙස් ලබාදෙන ලෙසත්, මැතිවරණ, කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

COMMENTS