දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි - කුට්ටිආරච්චි
Homeප්‍රවෘත්ති

කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි - කුට්ටිආරච්චි

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති අතර ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටද, බටලන්දේ නි...

”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා
සජිත් ඉදිරියේ හිරුණිකාගෙන් පොරොන්දුවක්
රංගේ බණ්ඩාරගේ පුතාට එරෙහි නඩුව කල්යයි
ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති අතර ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටද, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ජාතික ආරක්ෂාව තහවුරු කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා,

“මේ වන කොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යන අවස්ථාවක්. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04 ක් තමයි තරඟයේ කරට කර ඉන්නේ.   දැන් විවිධ කතාබහා සහ මඩ ප්‍රචාර ඒ සියල්ල තමයි  අපිට මාධ්‍ය හරහා එලියට එනවා පේන්නේ. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව සම්පූර්ණ කරන්න පුළුන් මේ අපේක්ෂයෝ 04 න් මොන අපේක්ෂයාටද කියලා, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙල  කෙසේද හදන්නේ කියන කාරණා තමයි  රටේ ජනතාවට වැදගත් වෙන්නේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයක් දරපු නැති නිසා  එතුමා කියන දේවල් පිළිගන්නවාද නැත්ද කියන කාරණය විතරයි කතිරයක් ගහලා පෙන්වන්න වෙන්නේ. අනුර කුමාර දිසානායක මහතාගේ ඉතිහාස කතාව බැලුවාම  වැඩකරලා පුරුදු නැහැ, කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. ඒ වගේම හදපු වරායට, ගුවන්තොටුපොලට, අධිවේගි මාර්ගයට  අවලාද කරනවා.  ගම්මානවල විදුලි ප්‍රශ්න විසඳන්න උමා ඹය වගේ ව්‍යාපෘති ගේනකොට උමා ඹයේ හිලක් ගැන කතා කරනවා. ක්‍රියාකාරි රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවය කරන්න දේන්නේ නැතිව  වෘත්තිය සමිති හදාගෙන අඩාල කරනවා. අධ්‍යාපනය විනාශ කරනවා. ගුරුවරයාගේ ගරුත්වය විනාශ කරනවා. මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබෙන කතා.  ඒ නිසා මම විශ්වාස කරන්නේ  රට ගොඩනගන්න පුළුවන් බිමේ පැළ කර හැකි  ප්‍රතිපත්තියක්,  බිමේ මේ වෙනකොට  පැල කරලා පෙන්වපු ප්‍රතිපත්තියක්, චින්තනයක්  තිබෙන එකම අපේක්ෂකයයි මේ මැතිවරණය පුරාම ඉන්නේ, ඒ නාමල් රාජපක්ෂ  මැතිතුමා පමණයි.

2005, 2015 ගෙනාපු මහින්ද චින්තනය එතනින් එහාට ගිය නවීන තාක්ෂණය  මුසු කරලා අලුත් අදහස් එකට කැටි කරලා මේ වන කොට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්  එකම අපේක්ෂයා නාමල් රාජපක්ෂ මැතිතුමයි. අනුර කුමාරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද? අපේ රටේ බෞද්ධ ස්ථානවලට ප්‍රහාර දිලා,  හමුදා නිලධාරීන් මරලා දාලා තිබෙනවා. එහෙම කෙනෙකුට ජාතික ආරක්ෂාව  තහවුරු කරන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. 2022  පාරට බැහැලා  පාර්ලිමේන්තුව අල්ලන්න  ඇවිල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මරලා, වර්තමාන  වැඩතහනම් කරලා තිබෙන පොලිස්පතිතුමාට එලව එලව ගැහුව්වා. එහෙම කරපු අය කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නැහැ.

ඒ වගේම කොටින්ට අවි ආයුධ දුන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ඒ අවස්ථාවේ තිබුණු බටලන්දේ තිබුණු  අත්දැකීම් සහ විවිධ අත්දැකීම් පාවිච්චි කරලා  කොලහල තත්වය මැඩපවත්වන්න  පුළුවන් වුණා. දමිළ, මුස්ලිම් ඡන්දය ගැනීමේ පරමාර්ථයෙන්ම විනා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නැතිව තමයි මේ අපේක්ෂයින් තුන්දෙනා කටයුතු කරන්නේ.

නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පොහොට්ටුවේ කඳවුර මොන හේතුවක්  නිසාවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  බලාත්මක කරන්නේ නැහැ. එහි යම් යම් හොඳ කාරණා  ක්‍රියාත්මක කරනවා සේම මොන හේතුවක් නිසාවත් වෙනම රාජ්‍යක ස්වරූපය හදන්න පුළුවන්  විදිහේ පොලිස් බලතල, ඉඩම් බලතල අපි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. රට හදන්න පුළුවන් ප්‍රතිපත්තිමය සැලැස්මක්  තිබෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාටයි.

යහපාලන ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැ ආපස්සට දැම්මා. ඔවුන් කලේ  මහින්ද මහතා ගෙනාපු වැඩසටහන  රනිල් වික්‍රමසිංහ මහතා කලේ විවෘත කිරීමක් පමණයි. මේ සියල්ල චෝදනා කරනවා විනා  මේ එකක්වත්  සංවර්ධන කරන වැඩසටහනක් අපි මේ ආණ්ඩුවලින් දැක්කේ නැහැ. අපේ ආණ්ඩුව හරහා  ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම  , මහා ප්‍රමාණ ව්‍යාපෘති  ගේන්න මේ සියල්ල පුළුවන්කම තිබෙන්නේ මහින්ද චින්තනයට පමණයි.

සමහරු කියනවා තෙල් පෝලිම, කිරිපිටි පෝලිම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කළා කියලා. නමුත් කාංචන ඇමතිතුමාට අභියෝග කරනවා  තෙල් පෝලිම, ගෑස් පෝලිම නතර කරන්න ප්‍රධාන සාධකය වුණේ  බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්  එකෙන් ගෙනාපු ඩොලර් බිලියන හතරේ  මුදල නිසා නොවේද මේ තත්වය සමථයට පත්කරගන්න පුළුවන් වුණේ කියලා.

රටේ ජනතාවට වැදගත් වන්නේ  මේ සුරංගනා කතා නොවේ. මේ රට ඉස්සරහාට ගෙනියන්න පුළුවන් පොලොවේ පැල කල හැකි  ඇත්ත චින්තනයක් තිබෙන්නේ මේ අපේක්ෂයින් හතර දෙනාගෙන් කාටද කියලා බලන්න? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට  ඇත්තේම නැහැ. අපි ඒ කඳවුර නියෝජනය කරපු නිසා දන්නවා. දේශීයත්වය , දේශීය චින්තනයක්, දේශීය නිෂ්පාදනයක්  එක්ක  රටේ අනාගතයට යන්න පුළුවන්  2005, 2015 පෙන්වපු මහින්ද මහතා බිමේ පැල කරපු දර්ශනය තිබෙන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. අවුරුදු 38 තරුණයෙකුට මේ රට භාරගන්න  ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

අනුරාධපුරු දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දයෙන්  මහින්ද මහතාගේ  මුහුණ  විකුණගෙන පාර්ලිමේන්තුවට ආපු  අයියලා , මල්ලිලා  , පාර්ලිමේන්තුවේ  රාජ්‍ය ඇමතිකම් දරන තාත්තලා පුතාලා   අපිව මගඇරපු  අවස්ථාවේ  ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ලා, මන්ත්‍රිවරුන්ලා අති සාර්ථක රැස්වීමක් කරන්න  දුන්න සහයෝගයට පක්ෂයක් හැටියට හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ   ය.


තිලක් තේනුවර,

මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි - කුට්ටිආරච්චි
කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි - කුට්ටිආරච්චි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdp7rc2dfj70ZUCM2tAQf6tewczws0pRXuXs1yN1Y_djd3asUsAmyLkss7L78WVTI_HKsXj4nf_RosYmKKFZIKcLkKybJ1a1VHwUc7ItLqc7kiPma8zXVSFA21deevEyVkJmb0BvB9EcdTn1JaGzd_iEMuWgxOamEmpyOK0XuxQB50evgq1e5E83ebRN40/s320/thissa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdp7rc2dfj70ZUCM2tAQf6tewczws0pRXuXs1yN1Y_djd3asUsAmyLkss7L78WVTI_HKsXj4nf_RosYmKKFZIKcLkKybJ1a1VHwUc7ItLqc7kiPma8zXVSFA21deevEyVkJmb0BvB9EcdTn1JaGzd_iEMuWgxOamEmpyOK0XuxQB50evgq1e5E83ebRN40/s72-c/thissa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy