සංවිධායක ධුරයෙන් තමාව ඉවත් කිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා...
සංවිධායක ධුරයෙන් තමාව ඉවත් කිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
රත්මලාන , බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය සහ ණය මූල්‍ය ප්‍රදානය ඊයේ (04) සිදුකෙරුණේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ, තනතුරු ලබා නොදීම හේතුවෙන් තමාව ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.
වැඩ නොකරන කිසිවෙකුටත් තනතුරු ලබා නොදෙන බවත්, තමාව දුම්මල ගසා හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ නොහැකි බවත් පැවසු ප්‍රේමචන්ද්‍ර මහත් මිය සජිත් ප්‍රේමදාස මහතා කවදා හෝ රටේ ප්‍රධානියා බවට පත් වෙන විට එය දැක ගැනීමට තමා පින් කර සිටිය යුතු බවද සඳහන් කළාය.
COMMENTS