දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටු රැස්වීමේ තොරතුරු හෙළිවේ – මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්!

ජාතික ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා සියලු දෙනා ශක්තිමත්ව පෙළගැසිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් එම පක්ෂයේ ආසන සංවිධායකවර...

ජාතික ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා සියලු දෙනා ශක්තිමත්ව පෙළගැසිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම්දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පෙරේදා පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශකර ඇත.

මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කරන බවට ඔවුන්ට හිතවත් කණ්ඩායම් යම් මතවාදයක් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින අතර එය සැබෑ ජනමතය එය නොවන බවයි.

එබැවින් පොදුජන පෙරමුණ විදිමත් ක්‍රමවේදයක් යටතේ මැතිවරණය මෙහෙයවමින් නියත වශයෙන්ම ජය ගත යුතු බව ප්‍රකාශ් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා බත්තරමුල්ල පක්ෂ ප්‍රධාන පක්ෂ කාර්යාලයට යාබද ස්ථානයකදී මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය ආරම්භ කරන බවත්, ඒ අනුව එම කාර්යාලය හරහා සම්බන්ධිකරණ කටයුතු සිදු කර ගන්නා ලෙසත් ආසන සංවිධායකවරුන්ට දැනුම්දී ඇත.

පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ සිට ආසන සංවිධායකවරුන් දක්වා මැතිවරණය පැවැත්වීම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමේදී ඉතා ප්‍රවේශම් වියයුත් බවත්, ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳ අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම තහනම් බව ද දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණ පක්ෂයේ පොදු එකඟතා මත එකමුතුව ඒකමතික තීරණයක් මත කටයුතු කිරීමට හැකි නොවුණහොත් පක්ෂය යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී දැනුම්දී ඇත.

අන්තර්ජාතික වශයෙන් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ජාතික ජනබලවේගය සඳහා 15%ක ඡන්ද ප්‍රතිශතයක් පවතින බවත්, 30% පමණ ප්‍රතිශතයක් තවදුරටත් පාවෙන ඡන්ද ලෙස පවතින බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා තවදුරටත් ලක්ෂ 30ත් 40ත් අතර ඡන්ද ප්‍රමාණයක් පවතින බවටත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28664,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටු රැස්වීමේ තොරතුරු හෙළිවේ – මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්!
පොහොට්ටු රැස්වීමේ තොරතුරු හෙළිවේ – මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKE9w-T_J_W3YW4dxDtOSsQYByQ3LbQSYdnTiCo1-1CYeYV6x8LkrKo3mRA7HnLqjFGd0qU4zqv3BLJhNCSwUZ6WZzulgQZ5BDaNEyKoVMI2Y8mC1sfzACYFJE1EiaGm0jqumata3zCa5hCVWh2cd25fX4ghlVrk_QzYf7egmG8PtGMzJ0XWjKnuBDIHQL/s320/slpp.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKE9w-T_J_W3YW4dxDtOSsQYByQ3LbQSYdnTiCo1-1CYeYV6x8LkrKo3mRA7HnLqjFGd0qU4zqv3BLJhNCSwUZ6WZzulgQZ5BDaNEyKoVMI2Y8mC1sfzACYFJE1EiaGm0jqumata3zCa5hCVWh2cd25fX4ghlVrk_QzYf7egmG8PtGMzJ0XWjKnuBDIHQL/s72-c/slpp.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy