දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටුව මගේ.. ඒක මගේ අතින් ඇන්දේ.. 69 ලක්‍ෂයේ අපේක්‍ෂක මමයි.. බැසිල් මොකෙක්ද..- දිලිත් යකා වේ.. (video)

”බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බ...

”බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බිහි කිරීමේ අරමුණින් 70 අවුරුදු දේශපාලන සපයා අවසන් කරනු වස් පැවති මව්බිම ජනතා පක්ෂයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.

බදුල්ල සයිමන් පිරිස් ශාලාවේ පැවති මෙම සමුළුව සඳහා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, උප සභාපති ජගත් පුෂ්පකුමාර, උප සභාපතිනි අනුරාධා යහම්පත්, ලේකම් රංජන් සෙනෙවිරත්නේ,ව්‍යවසායක සමාජ ක්‍රියාකාරී සිවම් ලොගනාදන් කෝබි, උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස ඇතුළු දහස් සංඛ්‍යත සම්භාවනීය බදුලු ජනතාව සහභාගිවී සිටියහ.

මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් වෙන්න පුළුවන් හැබැයි අපි කියනවා එතුමාගේ සහෝදරයාට සහ පවුලේ අයට තේරුම් කරලා දෙන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලමකට ගන්න එක මෙතනින් එහාට අවසන් බව. මේක බැසිල් කියන ඇමරිකන්කාරයට සැරින් සැරේ නිවාඩුවට ඇවිල්ලා විහිලුවට නාඩගම් නටලා යන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පවත්වන්න ඕන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයද, ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද. ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද? ඔව් බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒතමයි මම දිලිත් ජයවීර.

පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ දේපලක් නෙමෙයි. එක හැදුවේ අපි. මම තමයි පොහොට්ටුව අතින් ඇන්ද මනුස්සය. ”අලුත් රටක්” කියන තේමාව ලිව්වේ මම. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නෙමෙයි. මිනිස්සු ඡන්දේ දුන්නේ රටට තියන දේශප්‍රේමී බවට, මේ රට විනයක් සහිත රටක් විය යුතුයි කියන විශ්වාසයට. නැතුව පවුලකට නාඩගම් නටන්න නෙමෙයි. අන්න ඒ පොහොට්ටුව අපි. අපි කියන්නේ මව්බිම ජනතා පක්ෂය පමණයි.නැතුව පොහොට්ටුව කියන්නේ එක්කෙනාගේ බුදලයක් නෙමෙයි මේ රටේ අහිංසක මිනිස්සුව තම තමාගේ උවමනා එපාකම් වලට කඩේ යවන්න පුළුවන් කියල රාජපක්ෂලා සහ ඒ පවුලේ හැලි වලන් හෝදන්න බබලන් ඉන්න කට්ටිය හිතනවානම් ඊක ලොකු වරදක්. අපි වහල්ලු නෙමෙයි එක එක්කෙනාගේ පසෙන් යන්න. අපි මේ රට වෙනුවෙන් සෘජුව දෙශපලංඖඅ කරන්න පටන් අරගෙන ඉවරයි.

අවුරුදු 70ක ඉතිහාසය අපි වෙනස් කරනවා. අපි ඇවිත් ඉන්නේ එකට. මේ රටේ අහිංසක වතු සේවකයින්ගේ වැටුප දේශපාලන පලිහක් කරගෙන ඔබේ අහිංසක සල්ලි වලින් ජිවත් වෙන්න මේ පක්ෂයේ කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිත් ඉන්නේ දේශපාලනයෙන් ජීවත්වීමේ පරමාර්ථයෙන් නෙමෙයි.

අපි ආවේ ඔබේ ජීවිතය වෙනස් කරන ක්‍රමවේදය අරගෙන. අපෙන් අහනවා කෝ ඔයාලගේ වැඩ පිළිවෙල කෝ ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියල. අපි අපේ වැඩපිළිවෙ නුදුරේදීම එළිදක්වනවා. අපිට කියන්න තියෙනේ අන්න එතකොට නන්නතතරේ කියව කියවා ඇවිදින් අයට ගොඩක් රිදෙයි කියන එක. ඔබ සුදානම් වෙලා ඉන්න අපි ඔබේ ජීවිතය වෙනස් කරන්න සුදානම්. ඒවගේම අපි කිව යුතුයි මේක අවංකභාවය සමඟ කරන සටනක්. දශක ගානක් ඔබව රවට්ටන ලද දේශපාලනය අවසන් කරන සටනක්. ඔබට අද බදුල්ලේදී දෙන සහතිකයනම් අපි ඔබට වගකියනවා. ඔබේ විශ්වාසයට, ඔබේ බලාපොරොත්තුවට අපි වග කියනවා. ඒ පිලිබඳ සහතිකය අද මම මෙහි සිට සිට සිදු කරනවා.

අතිශය සුරා කැමකට දුෂණයකට ලක්වෙන පිරිසක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබේ වැටුප කවුරු හරි රුපියල් 1000ක් කරලා දෙනවා කියලා. අපි කියනවා එක ඔවුන් කරන්නේ නැහැ. ඉදිරියේදී කරන්නෙත් නැහැ. කරනවානම් කියන්න කොහොමද 1000ක වැටුපක් දෙන ක්‍රමය මොකද්ද කියල. අපි කියන්නම් අපගේ ව්‍යවසායකත්ව රාජ්‍ය තුල ඔබට කොහොමද ජිවත් වීමට හැකි අදායමක් ලැබෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කියලා. ඔබට රුපියල් 1000ක් නම් දෙන්නේ ඔබ එක අරගෙන ජාතික ධනය උත්පාදනය කරන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. නමුත් ඔබට ව්‍යවසයකයෙක් ලෙස සලකන්නට පටන් ගත්තම ඔබ කඩන තේ දල්ලට දෙන ඩොලරයෙන් කොටසක් ඔබේ ශ්‍රම පිරිවැය ලෙස ඔබගේ අතට ලැබෙන්නට පටන් ගන්නවා. එක ඔබට පමණක් නොවෙයි මෙරටේ සියලුම ක්ෂේත්‍රවල ශ්‍රමිකයින්ට හිමිවවා. නැතුව අපි ඔබව නැවත මේ නින්දිත දේශපාලනයේ එදා වේලට කුපන් සහනාධාර, සමුර්දිය, අස්වැසුම කියලා දීලා හිරකාරයෝ, වහල්ලු බවට පත් කරන්නේ නැහැ.

– repoter

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28619,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව මගේ.. ඒක මගේ අතින් ඇන්දේ.. 69 ලක්‍ෂයේ අපේක්‍ෂක මමයි.. බැසිල් මොකෙක්ද..- දිලිත් යකා වේ.. (video)
පොහොට්ටුව මගේ.. ඒක මගේ අතින් ඇන්දේ.. 69 ලක්‍ෂයේ අපේක්‍ෂක මමයි.. බැසිල් මොකෙක්ද..- දිලිත් යකා වේ.. (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDEGvYyMtXv6McYlDKCwhhYLCCinQ7IUrvzS7xOxQBnEjs_FVPoVd5tq5WZhH_GHeZnbR_JAUUXKsTDdKjXoedskxsageqUyBrefMPFGCrxaIoBYj-XgQoNZCLmkeqhZuBb2JgS5y4AnszfmMvHB5d8a0vqpHW12V9JMU8ztRBJTukLEM3SfryRVMpayPt/s320/dilithx.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDEGvYyMtXv6McYlDKCwhhYLCCinQ7IUrvzS7xOxQBnEjs_FVPoVd5tq5WZhH_GHeZnbR_JAUUXKsTDdKjXoedskxsageqUyBrefMPFGCrxaIoBYj-XgQoNZCLmkeqhZuBb2JgS5y4AnszfmMvHB5d8a0vqpHW12V9JMU8ztRBJTukLEM3SfryRVMpayPt/s72-c/dilithx.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/03/69-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/03/69-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy