කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවර...
කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ගොනු කළ මෝසමක් යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා දන්වා සිටියේ විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මේ වන විටත් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවයි.
රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙරද අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි. .
2020 අගෝස්තු 25 දිනැති අභියාචනාධිකරණ නියෝගයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සමකට අනුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර තිබිණි.
තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයන් අපේක්ෂා කරන බව මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
2020 අගෝස්තු 7 වන දින කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් විනාශ කිරීම සම්බන්ධව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරී ඉලලුදීන් සුල්ෆියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්තට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ උදාර මුහන්දිරම්ගේ සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS