දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි
Homeප්‍රවෘත්ති

තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි

PropellerAds

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීත...

බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ - සුදර්ශනීත් බැසිල්ගෙ පැත්තේ - (video)
පියුමි-චන්දිමාල් එළියට එයි: කෙළින්ම මානව හිමිකම් කොමිසමට !
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් වන්දි ලබාගැනීමේ අරමුණෙන් එක්ස්ප්‍රස් පර්ල් ගින්න පැතිරීමට ඉඩ දීලා !
තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා අභියෝග පිළිබඳ ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පැහැදිළි කිරීම් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳ කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබා දී නොමැති බවයි.

සමීප මහජන සේවාවක් සපයන අතරතුරම වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගනිමින් රට සහ මහජනතාව වෙනුවෙන් පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට පොලිස් සේවයේ සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් එහි දියුණුවට කටයුතු කරනවා සේම දෛනිකව පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ද විද්‍යාත්මක පදනමකින් සකස් කෙරුණු විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා විද්වත් සහ විශේෂඥ සහය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙර පැමිණිලි පිළිබඳ අධ්‍යයනය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ හැකියාව ද පැහැදිළි කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දියුණු රටක ලක්ෂණය වන්නේ පොලිස් ස්ථාන හෝ සිරගෙවල් වැඩි කිරීම නොව වැරදි වළක්වා ගැනීම සඳහා ගතයුතු සමාජමය වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කිරීම බවයි.

පොලිස් නිලධාරින්ගේ බඳවාගැනීම්, ස්ථාන මාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ප්‍රතිපත්තිමය තීන්දුවකින් තොරව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම තුළින් මතුව ඇති භෞතික සම්පත් ගැටලුව පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ඉදිරියේ දී පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ දී කමිටුවක් හරහා ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි. එහිදී පළාතේ ජනගහණය, ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඇතුළු අනෙකුත් පසුබිම් සලකා බැලීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන සඳහා දෙමළ භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරින් බදවා ගැනීමට ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපදෙස් දුන්නේය.

පරිගණක අපරාධ මැඩලීම සඳහා පොලිස් නිලධාරින් පුහුණු කිරීම ඇතුළු පොලිස් නිලධාරින්ගේ පුහුණු කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර උතුරු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

මේ අතර කොළඹින් බැහැර ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල පොලිස් නිලධාරින් සඳහා වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

එමෙන්ම දුරබැහර සිට රාජකාරි සඳහා කොළඹට පැමිණෙන කාන්තා පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

පොලිතින් තහනම ක්‍රියාත්මක කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පැහැදිළි කළ අතර මෑතක සිට දුරබැහැර බස් රථවල සිදුවන කප්පම් ලබා ගැනීම පිළිබඳ ලැබෙන වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද කඩිනමින් අවධානය යොමුකර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තෘප්තිමත් මනසකින් යුතුව සිය මහජන සේවාව සැපයීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ සියලු ගැටලුවලට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේ දී මෙන්ම අපරාධ මැඩලීමේ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුව ලබාදෙන සහය ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් දා සිට තමා වෙත එම සියලුදෙනා ලබාදෙන සුවිශේෂී සහය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි
තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි
http://am.lk/media/k2/items/cache/c45e4e823b64d91b01455360c6c9ace5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy