තමන් 2001 දී මහින්ද රාජපක්ෂ සමග ඔහුගේ කේන්දරයත් රැගෙන ඉන්දියාවේ දෛවඥයෙක් වෙත ගිය බවත් එම දෛවඥයා රාජපක්ෂලා විනාශකර දමන රාජපක්ෂ කෙනෙක් ගැන...
මන්ත්‍රීවයා මෙසේ ද කීවේය.
“2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න. ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා.
ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගැන නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගැනයි.”
“ ඊයේ පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ගල් ගහන්න එන්න එපාලු. ආවොත් බලා ගන්නවලු. “
“ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව කාගේවත් තර්ජන වලට ගර්ජන වලට යටත්වන ජාතියක් නොවෙයි.
ඒ නිසා බැසිල් රාජපක්ෂට කියන්නේ මෙච්චරයි. මැතිවරණයක් තියන්න. මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්.”
සුමිත් පොතුපිටිය

COMMENTS