දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා  දිවි සැරියෙන් සමු ගනී!
Homeප්‍රවෘත්ති

රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!

PropellerAds

ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය කාටුන් චරිත වූ  ගජමෑන්,මගෝඩිස්, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස්, මිස්ටර් ලව්රිස්  ඇතුළු කාටුන් චරිත රැසක් නිර්මාණ...

මන්ත‍්‍රිවරයෙක් ඉල්ලා අස්වෙයි ? ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණය පලමු පැයේදීම පරදී.. කල්ලියෙන් පළුවක් ගෝටාට එක්වෙයි.. සජිත්ට සහාය දීමේ සමුළුව නවතී..
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගෝඨාභය විසින් කරවන ලද්දක් - දයාන් ජයතිලක
ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය කාටුන් චරිත වූ  ගජමෑන්,මගෝඩිස්, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස්, මිස්ටර් ලව්රිස්  ඇතුළු කාටුන් චරිත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා ඊයේ  ( 17) පෙරවරුවේ මීගමුවේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 84 වැනි වියේ පසුවූයේය.

කැමිලස් පෙරේරා උපත ලැබුයේ වර්ෂ  1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේ දීය.  ඔහු සිය විධිමත් අධ්‍යාපනය මීගමුව‍ ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් ආරම්භ කළේය.

වසර කිහිපයකට පසු මාරිස්ටෙලා විද්‍යාලයෙන්ද ඉන් අනතුරුව ශාන්ත මරියා විද්‍යාලයෙන්ද ඔහු සිප් සතර හැදෑරීය.

කැමිලස් පෙරේරාගේ මුල්ම  නිර්මාණය පුවත්පතක පල වන්නේ  වර්ෂ 1964 වසරේදීය. ඒ ලේක්හවුස් ආයතනයෙහි “සරසවිය” ය පුවත්පතේය.

අනතුරුව   වර්ෂ 1965 සිට කැමිලස්ට  දවස පුවත්පත සඳහා දිනපතා කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවිය. ඒ “තෙපානිස්” යන කාටුන් චරිතය සමඟිනි. කිසිදු ගෙවීමක් එයින් නොලද මුත් ඔහු දිගටම එහි නිරත විය.

1966 වසරේ සිට ඔහුට දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටූනයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබිනි. එය  ‘දොන් සේතන්’නම් විය. දොන් සේතන් චරිතය සමඟ දොන් සේතංගේ  බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල සහෝදරයා ලපයා. දියණියගේ පෙම්වතා වූ ගොඩ්ඩින් අයියා ද බිහි විය. එය එවකට පවුලේ ජනප්‍රිය කාටූනයක් බවට පත් විය

පසුව ‘සිළුමිණ’ට ‘සිරිබිරිස්’ ද කැමිලස් අතින් නිර්මාණය විය. එය ද ඉමහත් ලෙස ජනප්‍රිය විය. එම සාර්ථකත්වය මත   1968 දී ඔහු ‘දැක්කොත් පද්මාවතී’ කතා මාලාව සරසවිය පුවත්පත වෙනුවෙන් ආරම්භ කළේය. එම වසරේම ඔහු අතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ‘මිස්ටර් ලව්රිස්’ නමින් තීරු කාටූනයක්ද නිර්මාණය විය.

1972 වසරේදී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රියම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය පාඨකයාට හඳුන්වාදෙන ලදී. එය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලද චරිතයක් විය.

ඒ අතරම මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් නිරිමාණය කරන ලද අතර ලේක්හවුස් මඟින් ම නිකුත් වූ ක්‍රීඩා පුවත්පතට ඉදිරිපත් කළ ‘සෙල්ලං සේන‘ චරිතයද නිර්මාණය කරන ලදී.

‘සිරිබිරිස්‘, ‘දොංසේතං‘ ලපයා‘ වැනි ඔහු එවකට නිර්මාණය කළ චරිත සියල්ලක්ම පාහේ පාඨකයන් ඇද බැඳගත් නිර්මාණ බවට පත්විය. නමුත් පසුකලෙක ඔහු සතුට පුවත්පතින් ඉවත්ව මල්ටි පැක්ස් ආයතනය මඟින් නිකුත් කළ‘ සිත්තර‘ පුවත්පත හා සම්බන්ධ විය. සතුට අලෙවිය පහත වැටුණු අතර සිත්තර එවකට වඩාත්ම අලෙවි වූ චිත්‍ර කතා පුවත්පත විය.

එහිදි සිංහල අවුරුද්ද මුලකොට ගෙන ‘ගජමෑන්‘ විශේෂ කලාපයක් ද නිකුත් කළ අතර එය ද වාර්තාගත ලෙස අලෙවි විය. ඒ 1972 වසරේදීය.

1982 වසරේදී මල්ටිපැක්ස් ආයතය හා මතගැටුමක් මත ඉන් ඉවත්වූ කැමිලස් ඔහුගේම ආයතනයක් පිහිටුවා, එයින් ‘කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි‘ පුවත්පත එළිදැක්වීය. එයද අලෙවි වාර්තා බිඳ දමමින් අලෙවි වූ අතර ඔහුගේ සාර්ථකත්වය ද දෙගුණ තෙගුණ කරවීය.

දෙමටගොඩ ප්‍රදේශයෙන් තමාටම හිමි දේපලක් මිලදී ගත් ඔහු මුද්‍රණ යන්ත්‍ර සමඟ තමාගේම ප්‍රකාශන ආයතනයක් පිහිටුවා එයින් අධ්‍යාපන සඟරා ද නිකුත් කෙරුවේය.

2002 වසරේදී ‘ගජමෑන්ගේ 30 වෙනි උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වීය. පසුකලෙක ‘රිවිර‘ ජාතික පුවත්පතටද දේශපාලන කාටුන ඔහු නිරිමාණය කරන ලදී. දේශපාලන භේදයකින් තොරව ඔහු සෑම චරිතයක්ම සැබෑ ලෙස උපහාසයට ලක්කිරීමට සමත් විය. ඔහු අතින් නිමැවුනු ‘මගෝඩිස් තුමා‘ කාටුන් චරිතය එයට කදිම උදාහරණයකි.

එතුමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේම සිදු කිරීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!
රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTUtM3gXj2PdOe-wK5pbyEMCkvDWwBqV_6Evv-pdWT_gRdHUbb2WDPM-in7IzquLAICPY4Pbtx5amMUVqNbYylo3rTxKN0SzHxanyzEGA8lM2glL-kQxpogcOJDU8p1ttFHqgcx2jWtoLM9vDPQxJHlNp6DhXySMRFzzlmhaqKDAyGI1PpNtcdZ-AaVs5P/s320/Untitled-1-10-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTUtM3gXj2PdOe-wK5pbyEMCkvDWwBqV_6Evv-pdWT_gRdHUbb2WDPM-in7IzquLAICPY4Pbtx5amMUVqNbYylo3rTxKN0SzHxanyzEGA8lM2glL-kQxpogcOJDU8p1ttFHqgcx2jWtoLM9vDPQxJHlNp6DhXySMRFzzlmhaqKDAyGI1PpNtcdZ-AaVs5P/s72-c/Untitled-1-10-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy