දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් තනි අලියා රට ගොඩ දැම්මා... හැම තැනම කතාව ඔහුගේ වීරකමයි... මීළග පොදු අපේක්‍ෂක ඔහුයි - රවි කරුණානායක
Homeප්‍රවෘත්ති

රනිල් තනි අලියා රට ගොඩ දැම්මා... හැම තැනම කතාව ඔහුගේ වීරකමයි... මීළග පොදු අපේක්‍ෂක ඔහුයි - රවි කරුණානායක

PropellerAds

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් UNP කියන්නේ පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු ...

තවත් ඇගළුම් පොකුරක් පත්තු වෙයි.. 34කට කොරෝනා.. සේවකයන් හයදහසක් නිරෝධායනයේ !
ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.. විශ්ව ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති - (video)
තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී
එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් UNP කියන්නේ පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ හැත්තෑ හත් වෙනි විශේෂ සම්මේලනය අමතමිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පැවති මෙම සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදු කරමින් හිටපු අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කර සිටියේය.

‘අද දවස කියන්නේ ඓතිහාසික දවසක් අපි මේ පවත්වන්නේ 77 වෙනි සම්මේලන පමණක් නොවේ මේ විශේෂ සම්මේලනයේ පක්ෂය අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙනවා. ඇත්ත වශයෙන්ම අපි යූඑන්පී කියන්නේ පවුලේ පක්ෂයක් නෙමෙයි මේකේ වටිනාකම කියන්නේ අපේ පක්ෂය පවුලක් ලෙස කටයුතු කිරීමයි. ඒ නිසයි අපි එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. පක්ෂය ගැන කිවුවහම අපට එකමුතුභාවය,දර්ශනයක් වැඩපිළිවෙළක්, බලය ගැනීම සඳහා පක්ෂ යාන්ත්‍රණයක් පාක්ෂිකයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව රටේ බලගතුම පක්ෂය ඇති කිරීම සඳහා මම විශේෂ ආරාධනයක් කරනවා. ඒ තමයි කුමන හෝ හේතුවක් මත එක්සත් පක්ෂය හැරදමා ගොස් සිටින සියලු දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසයි.

අපේ එකමුතුභාවය සමගියට අත්‍යවශ්‍ය වෙනවා   හැර ගිය පවුලේ සාමාජිකයන්ට පමණක් නොවේ මේ රටේ අනාගතය බාරගන්නා ඉන්න තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන් සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරනවා.

රටේ ආර්ථිකය වගේම ජනතාවගේ ආර්ථිකයත් පහත වැටුණු හැම අවස්ථාවකම යළිත් නඟා සිටුවීමේ කාර්යභාරය හැම අවස්ථාවකම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයයි.
 
යූඇම්පී කියන්නේ හැමදාමත් ඇත්ත කියපු පක්ෂයක්. දුරදිග දැකපු පක්ෂයක්. නිවැරදි දේ හරි ආකාරව කියපු පක්ෂයක්. අමිහිරි වුවත් ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ පක්ෂයක්.

UNP කියන්නේ රට හදන පක්ෂයක්. අපට මහවැලි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්,වරායවල්, මහපොළ,ගෙවල්,වෙළඳ කලාප,කර්මාන්තපුර, නව තාක්ෂණය ආදී විශේෂ දේවල් රටට හඳුන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂයේ වැදගත්ම සංධිස්ථානය ලෙස හැරී බලනකොට 1948 අපි නිදහස ලබා ගත්තට පසු  1977 දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් අපේ රට ලෝකයට එක්සත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 2015 රට වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා එවක අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ වගේම 2022 රට බංකොලොත් වුන අවස්ථාවේ යලි රට ඔසවා තැබීමේ භාරදූර කාර්යභාරය පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නායකයාටයි.
 
එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදෙනාම එකතු කරන්න පුළුවන් පක්ෂයක්. වර්තමානයේ විපක්ෂය සුරංගනා කතා කියන්න පුළුවන් විවිධ බිල්ලො මවන්න පුළුවන්,අන්තවාදය වපුරන්න පුළුවන්,මෙවැනි නොමඟ යවන ක්‍රියා සිදු කළත් හැමදාමත් එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් වුණේ නෑ.

මේ රටේ වැටුණු ආර්ථිකය නඟා සිටුවන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට බව අපි 2015 වර්ෂයේදී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නලා දුන්නා. එවක මුදල් ඇමැතිවරයා වශයෙන් මම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිදු කරනු ලැබුවා.


රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 10000 කින් වැඩිකිරීමටත්, ගෑස් ඉන්ධන සහ ජනතාවගේ අත්‍යවශ්‍ය ජීවන වියදම පහත හෙලීමට අපට හැකි වුණා.

ඒ වගේම තමයි අපි නව තාක්ෂණය රටට හඳුන්වලා රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ 2015 වර්ෂයේ දී. නමුත් ඇතැම් අයගේ බාධා නිසා එය කඩාකප්පල් වුණා.යහපාලන ආණ්ඩුව අමාරුවෙන් හදපු රටේ ආර්ථිකය යළි 2022දී බංකොලොත් භාවයට පත් කළා. ගෑස් නැතුව, තෙල් නැතුව,විදුලිය නැතුව, ආහාර නැතිව, පොහොර නැතුව,ඩොලර් නැතුව, තිබුණු අවස්ථාවක තමයි  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වෙලා  ජනතාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රියා කළේ.


මාස දෙකක් වැනි කෙටි කාලයකදී පාර්ලිමේන්තුවේ සහෝදර පක්ෂ සමඟ එකට හිඳිමින් මේ තනි අලියට හැකි වුණා.අද හැමතැනින්ම කතාවට ලක් වන්නේ එතුමා කළ විශිෂ්ට ක්‍රියාව පිළිබඳවයි.

අද හන්දි ගානේ කයිවාරු ගහන සියලු දෙනාමත් නිහඩව පිලිගන්නවා ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව.

එක්සත් ජාතික පක්ෂය හැමදාම කළේ වැටුණු ආර්ථිකය හදන වැඩේ නමුත් ඒ හැම අවස්ථාවකම අපිට බලය අහිමි වුණා. ඒක එහෙම වුණේ අපි හැමදාමත් රට ගැන හිතුවට අපි පාක්ෂිකයා ගැන යම් ප්‍රමාණයකට අමතක කරලා තිබුණ නිසයි.තිත්ත වුණත් ඇත්ත ඒකයි. අන්න ඒ නිසා තමයි අපිට පසුගිය මැතිවරණයේදී ලක්ෂ තිහකට ආසන්න පාක්ෂිකයන් පිරිසක් ඡන්දපොළට එන්නැතුව බලාගෙන සිටියේ. අන්න ඒ නිසා තමයි අපි අලුත් ගමනක් සඳහා පක්ෂයේ නව ව්‍යවස්ථාවක් ඇති කරමින් සියලු දෙනාටම එකට එකතු වෙන්න පුළුවන් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන්න යන්නේ. අපි ඒ තුළින් බලාපොරොත්තු වන්නේ 2024 වර්ෂයේදී ජයග්‍රහණයේ මාවතකට ගෙන ගොස් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් බිහි කිරීමටයි.

අපේ අඩුපාඩු තිබෙන්න පුළුවන් හැබැයි දැන් වෙලාව එම අඩුපාඩු හදාගෙන නිහඬව සිටීම පාක්ෂිකයන් අවදි කරගෙන රට සංවර්ධනය කරන්න පුළුවන් මාවත කරා ගෙන යෑමේ වැඩපිළිවෙලට සහාය දෙන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. අපි රට හදන වැඩේ සිදු කරන ගමන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා ශක්තිමත් කරන යාන්ත්‍රණයක් සිදුකල යුතුයි. මෙම ඓතිහාසික සම්මේලනය සිට මම සියලු පාක්ෂිකයන්ට පොරොන්දුවක් දෙනවා අපේ ආණ්ඩුවක් බිහි වුණු දාට සියලුම පාක්ෂිකයාට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවට. එක්සත් ජාතික පාක්ෂිකයා හැමදාමත් දර දිය අදින තැන තියන් නැතුව පෙරහරේ යන මාවත කරා රැගෙන යාමටයි අපි කටයුතු කරන්නේ.


අපි මේ වන විට සියලු සියළු පක්ෂ සමඟ සාකච්ඡා කර පුළුල්ම සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින මොහොතක් මේ සඳහා සියලුම ජනතාව ඒකරාශී කරන වැඩපිළිවෙළක් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා සමහරු අපෙන් අහනවා කෝ ඡන්දෙ කියලා අපි නියම වෙලාවට ඡන්දය තියන්න ලෑස්තියි.

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් ඒ තුළින් ලබාගන්නා ජයග්‍රහණයක් එක්ක රට සීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යාමට අපි කටයුතු කරනවා.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එක් එක්කෙනා තැන් තැන්වල භේද භින්න ඇතිකරගත යුතු වෙලාවක් නෙමෙයි මේ, හැමදෙනාම එකාමෙන් එකට එකතු වී රට වැටී තිබෙන අර්බුද වලින් ගොඩ ගැනීමට සමගියෙන් සහ සංහිඳියාවෙන් කටයුතු කරන්න මේ විශේෂ සමුළුවේදී අදිටන් කරගමු.

– Midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් තනි අලියා රට ගොඩ දැම්මා... හැම තැනම කතාව ඔහුගේ වීරකමයි... මීළග පොදු අපේක්‍ෂක ඔහුයි - රවි කරුණානායක
රනිල් තනි අලියා රට ගොඩ දැම්මා... හැම තැනම කතාව ඔහුගේ වීරකමයි... මීළග පොදු අපේක්‍ෂක ඔහුයි - රවි කරුණානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOUx24wxXH8DpzPpiKUODafFly714G2crgOBVEWaywRmyj4KaSkZtk2Kosu3IR8ZwREHEu2YR3vJkrlQfLLwvldzTSiXqtuA7-RWAzvnog5S6MsnOCY3V7GZ7IFok0OH6MPFSApPDzJkF1RDKqennZFc9j5n35unpznZgMMGRjvMAkr8DPfcpoQnAtP5aJ/s320/Ravi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOUx24wxXH8DpzPpiKUODafFly714G2crgOBVEWaywRmyj4KaSkZtk2Kosu3IR8ZwREHEu2YR3vJkrlQfLLwvldzTSiXqtuA7-RWAzvnog5S6MsnOCY3V7GZ7IFok0OH6MPFSApPDzJkF1RDKqennZFc9j5n35unpznZgMMGRjvMAkr8DPfcpoQnAtP5aJ/s72-c/Ravi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy