අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (05) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ස...
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (05) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් ඊයේ (03) දින සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කළ බවයි.
එමෙන්ම අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ට ගෞරව දැක්වීම සදහා ජාතික කොඩිය ද අඩකුඹු කර තබන ලෙස ඔහු ද සැම නිවසකම සුදු කොඩියක් ඔසවා තබන ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් ඊයේ උදෑසන 6.40 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අමරදේව ශූරීන් පෙරවරු 10.40 ට පමණ අභාවප්‍රාප්ත විය. මියයන විට 88 වන වියේ පසුවූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද (04) පෙරවරු 10.00ට මහජන ගෞරව සදහා කොළඹ නිදහස් චත්‍රරස‍්‍රයේ තැන්පත් කිරීමට නියමිතය.
වීඩියෝව පහතින්
COMMENTS