දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සදළණ වචව පරධන සකකරය ඇමත බනදල උපදශකවක ලස බදවගන ලකෂ ගණන පඩ!
Homeප්‍රවෘත්ති

සදළණ වචව පරධන සකකරය ඇමත බනදල උපදශකවක ලස බදවගන ලකෂ ගණන පඩ!

PropellerAds

මෙරට නමගිය අපරාධයක් වන සතොස සුදු ළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියක ලෙස මේ වනවිට ඇප ලබාසිටින කාන්තාවක, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මග නැ...

දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක් (PHOTOS)
විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට
මෙරට නමගිය අපරාධයක් වන සතොස සුදු ළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියක ලෙස මේ වනවිට ඇප ලබාසිටින කාන්තාවක, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මග නැගුම මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ උපදේශිකාවක් ලෙස බඳවාගෙන ලක්ෂ ගණන් පඩි ගෙවමින් තවත් මුදල් වංචා විශාල ප්‍රමාණයක් සිදුකිරීමට ඉඩ ලබාදී ඇති බවට එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි.

දූෂිතයන් රකිමින් ආර්ථිකය ගොඩ ගත හැකිද? යන මාතෘකාව යටතේ එක්සත් ජනරජ පෙරමුණ පවත්වන ලද මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මහතා මේ අනාවරණය සිදුකරන ලදී.

එහිදී වැඩිදුරටත් සිදුකළ අනාවරණයන් මෙසේයි.

මිනිස්සු තමන්ගේ ඇඟට අදින්නේ නැතුව, බඩට කන් නැතුව, අමාරුවෙන් තමන් තමන්ගේ වාහනයට තෙල් ටිකක් ගහගෙන තමන්ගේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න උත්සාහ කරද්දී ඛනිජ තෙල් ඇමතිලා තමන්ගේ අමාත්‍යංශයත් පෙට්‍රෝලියම් එකත් පුද්ගලිකරණය කරමින් එම සමාගම්වල දේශීය නියෝජිතයා තමන්ගේ අනාගත මාමණ්ඩියගේ ආයතනයන් වලට ලබා දෙමින් කටයුතු කරන අවස්ථාවකට පත් වෙලා තියෙන්නේ

පහුගිය කාලේ දිගින් දිගටම කතා වෙච්ච මාතෘකාවක් තමයි සුදු ළූණු වංචාව. එවකට සතොස භාර ඇමතිවරයා වශයෙන් හිටියෙත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා.

පරීක්ෂණ කටයුත්තේ එවකට සතොස මිලදී ගැනීම් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී විදිහට තනතුර කටයුතු කරපු චමිලා අසුරමාන්න කියන තැනැත්තියක් තමයි ඒ වංචාවට සම්බන්ධ වුණා. ඒ තැනැත්තිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ ඇප මත තමයි සිටින්නේ. මේ මහත්මිය සතොස ආයතනයේම සුදු ළූණු යම් අඩු මුදලකට එළියට විකුණලා සතොස ආයතනයටම මහා විශාල මුදලකට මිලදී ගන්නවා. ඒ වෙලා තියෙන හානිය පාඩුව තාම හරියට විගණනයට ලක් වෙලත් නෑ.

එම තැනැත්තිය ඇප මත ඉන්න අවස්ථාවක බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඒ තැනැත්තිය මගනැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ මුල්‍ය උපදේශක තනතුරක් සඳහා පත්කර ගන්නවා 2022.11.01 වෙනිදා.

අසුරමාන මහත්මිය සහ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ අමාත්‍යංශ පාර්ශවයෙන් එකතු වෙලා ගිවිසුමක් අනුව නැවත උපදේශනයක් ලබා ගන්න එන්ඩ කියනවා මග නැගුමට. ඒ ගිවිසුම අනුව 2022 නොවැම්බර් 01 වෙනිදා ඉඳලා 2023 ඔක්තෝම්බර් 31 වෙනිදා දක්වා කාලයකට තමයි මෙයාව මුල්‍ය උපදේශකයෙක් විදියට පත් කිරීම් කරනු ලබන්නේ.

එම ගිවිසුමේ හත්වන ඡේදයේ තියෙනවා මේ තැනැත්තියට ලබාදෙන මුල්‍ය වරප්‍රසාද සහ අයිතිවාසිකම්. සියලු දීමනා ඇතුළත්ව රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, ප්‍රවාහන දීමනාව වශයෙන් මාසිකව රුපියල් එක්ලක්ෂ විසිදාහක්, ඉන්ධන දීමනාව ලෙස පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයකට රුපියල් 175 ක්, ජංගම දුරකථන හිමි කාඩ්පතට අදාලව මාසික බිල්පත් රුපියල් 1500 ක්.

සුභ සාධක අරමුදලක් තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියෙන්. මේ සේවක සුභ සාධක අරමුදල සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලබාදෙන කොන්ත්‍රාත් වලින් 3% සහ 2% ක් එකී කොටස් වලින් අරගෙන ගිණුම් ගත කිරීමක් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ යම් එකඟතාවයක් නැත්තං ඔවුන්ගේ ක්‍රියාවලියක් තිබෙනවා. දැ

2023.03.22 සභාපති මාර්ග සංවර්ධන අධිකාරියට ලියුමක් යොමු කරනවා අභ්‍යන්තර අධ්‍යක්ෂ විගණන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමේ ආපසු නොගෙවනු ලබන ස්ථිර තැන්පතු මුදල සම්බන්ධව. මෙම සමාගමේ උප කොන්ත්‍රාත්  පිරිනැමීමේදී කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් තැබීමට ප්‍රථමව කොන්ත්‍රාත්කරුවන්ගෙන් කොන්ත්‍රාත් වටිනාකමින් 3% ක් සහ 1% ක් සමාගම් ආදායමක් ලෙස තබා ගැනීම සහ සුභසාධන වලින් 2% ක්ද වෙන් කර ගැනීමේ නීතිමය ප්‍රතිපාදනයක් නැත. මේ මුදල් නීති විරෝධී. වහාම රාජ්‍ය මුදල් භාණ්ඩාගාරයට යවන්ට ඕනේ කියලා.

රාජ්‍ය ආයතනයක් කොන්ත්‍රාත් එකක් දෙද්දී නැවත ඒ රාජ්‍ය ආයතනයට පුළුවන්ද ඒ කොන්ත්‍රාත් හිමිකරුගෙන් කොමිස් මුදලක් ගන්න? ඒක අල්ලසක්. ලක්ෂ එකසිය ගාණක් හා ලක්ෂ හත්සිය ගානක් වගේ විශාල මුදලක් මේ ගිණුම තිබෙනවා.

මේ මුදල් සම්බන්ධයෙන් දැන් වෙලා තියෙන තත්වේ තමයි මුදල් ටික හොරා කන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නෙ. හරිනම් මේ මුදල රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්ට ඕනේ. එහෙම යවන්නේ නැතුව පහුගිය උත්සව සමයේ සියලුම සේවකයන්ට ප්‍රසාද දීමනාවක් කියලා රුපියල් 30,000, 40,000 ක් අතර මුදලක් ලබා දෙන ගමන් ඉතුරු මුදල් ටික සාක්කුවේ දාගන්න උත්සාහයක් තියෙනවා.

මේ මුදල දිගින් දිගටම අභ්‍යන්තර විගණනය විසිනුත් ඒ අදාළ නිලධාරීන් විසින් කටයුතු කරද්දී ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් සහ තවත් කීප දෙනෙක් එකතු වෙලා මේ මුදල් වංචා කරන්න උත්සාහ කරනවා.

2023.04.04 දින මග නැගුම සුභසාධක සමිතිය ලිපියක් ලියනවා මේ මුදල් මහා විශාල විදිහට වංචා කරලා එක්කහු කරලා තමන්ගේ සාක්කුවට දාගන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා.

පළමුව උප කොන්ත්රත්කරුවන්ගෙන් මුදල් අයකර ගැනීම නීති විරෝධියි. දෙවෙනි එක අමාත්‍යවරයා තමන්ගේ නිලධාරීන් විදියට, නැත්නම් තමන්ගේ උපදේශකයන් විදිහට පත් කරන්නේ නමගිය හොරු.

ඊට අමතරව කම්කරු උසාවියේ 57329 කියන නඩුව කම්කරු උසාවියෙන් පවරලා තියෙනවා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී. පැමිණිලිකරු තමයි සහකාර කම්කරු කොමසාරිස් දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නැගෙනහිර කොළඹ. මේකේ වගඋත්තරකරුවන් එක්ස්ප්‍රස්වේ ට්‍රාන්ස්පෝට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ මග නැගුමට සම්බන්ධ බන්දුල ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන්. මෙහි නියෝගයක් තිබෙනවා සේවකයෙක්ගේ සේවය අවසන් කරවීම සඳහා බැනලා ඔහුට සේවය අවසන් කිරීමට ඉඩ සැලැස්වීම නිසා (කොළඹ 15, මට්ටක්කුලිය පල්ලිය පාරේ, පදිංචි 38 ලිපිනයේ පදිංචි බී ආර් එන් මොහන්දිරම්) පවුද්ගලික මුදලින් රුපියල් නවලක්ෂ අනුහත්දහස් විසිපන්දහසක මුදලක් ගෙවීමට නැගෙනහිර කොමසාරිස්වරයා විසින්.

මේකට වග කියන්න ඕනේ අදාල සේවකයාට හානි කරපු පුද්ගලයාට ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අමාත්‍යංශ මුදලින් මේක වැය කිරීම කොතරම් සාධාරණද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සාධාරණ විදිහට පරීක්ෂණයක් කරලා, මේ කටයුත්ත ඉෂ්ඨ කරන්න.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න

ප්‍රශ්නය : මහින්ද කහඳගම මහත්තයත් අත්අඩංගුවට අරන් තිබීම ගැන මොකද හිතන්නේ?

පිළිතුර :  මම හිතුවේ නම් කහඳගම මහත්තයා ඔයිට ඉස්සෙල්ලා අත්අඩංගුවට ගනී කියලා. මොකද පුද්ගලිකව, මට එක සැරයක් ලියන්න ආවා කොටුවේ හදපු ස්වයං රැකියා සංගමයට අයිතිවාසිකම් තියෙන පොඩි කඩ කාමර ටිකක් විකුණන්න. ඒක කහඳගම මහත්තයාගේ පවුලේ ඥාතියෙක්ට. එතකොට ඒ මහත්තයා ඒක මම ලියනවා දැනගත්තහම ටක්ගාලා අරගෙන ගියා. ඉතින් ඒ අනුව අත්දැකීමෙන් අනුව මට කියන්න පුළුවන් මහත්තයා කඩ දෙනවා නෙමෙයි. හඳ දෙනවා කියලත් සල්ලි ගත්ත මිනිහෙක් වෙන්න ඇති. නැත්නම් ඉතින් ඔහොම වෙන්නෑනේ. පුද්ගලිකව මට කියන්න පුළුවන් එතුමා කඩ දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි අරන් තියෙනවා. තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ සහෝදරයන්ට කඩ දීලා තියෙනවා. මිනිස්සුන්ගේ වෙනත් නම් දාලා. ඒ නිසා තමන් වපුරපු දේ තමයි ඵල නෙළා ගන්ට ඕනේ.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සදළණ වචව පරධන සකකරය ඇමත බනදල උපදශකවක ලස බදවගන ලකෂ ගණන පඩ!
සදළණ වචව පරධන සකකරය ඇමත බනදල උපදශකවක ලස බදවගන ලකෂ ගණන පඩ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcZps_dt20Gs5JrU1utRuYoA3UdVmkrnW8bTqJZUoSOehpV5y-w3EUibfO9EcF0oGE-nEX8Q5IoA9pJmDp0VDBM5RHzPPr65kUwboh7PnQY-pivz8Sqy4eynihOvJJh5mE6-vB3XTWZ2njL8c7ROurNVy7Zg9WaaQf99BC01s5Mx-IWVhJAzawW2CP/s320/sudulunu.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcZps_dt20Gs5JrU1utRuYoA3UdVmkrnW8bTqJZUoSOehpV5y-w3EUibfO9EcF0oGE-nEX8Q5IoA9pJmDp0VDBM5RHzPPr65kUwboh7PnQY-pivz8Sqy4eynihOvJJh5mE6-vB3XTWZ2njL8c7ROurNVy7Zg9WaaQf99BC01s5Mx-IWVhJAzawW2CP/s72-c/sudulunu.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy