ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ.ගීත කීපයක් වාදනය කිරීමේ ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ.ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
විමුක්ති කොටි වැනි වදන් පළාත් පාලන මැතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයින් කීප දෙනෙකුම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති නමුත් පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත් වල තිබූ ජංගම දුරකතන වල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකතන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසා තිබේ.
මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිති.
(දිනසේන රතුගමගේ)
COMMENTS