බුදුන් වහන්සේ ගංජා ගසා ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර අත්අඩංගුවට ගත යුතු බව රැුඩිකල් ප්‍රජාතන්ත්‍රවා...
එහි ප්‍රකාශකයෙකු වන ධානිෂ් අලී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
මේ අතර බුදුන්වහන්සේ සහ සිද්ධාර්ථ චරිතය සම්බන්ධයෙන් මීට කලකට පෙර පළ කළ අදහස් පිළිබඳව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා අදහස් පළ කරයි.
වැලිකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් අමතමින් හෙතෙම කියා සිටියේ තමන් එදා සිද්ධාර්ථ චරිතය ගැන අදහස් පළ කළේ එහි සිටි ප්‍රේක්ෂක පිරිස අනුව බවයි.
තමන් පරමාදර්ශී චරිතයක් ලෙස සිද්ධාර්ථ චරිතය ගෙන දක්වන බවද හෙතෙම කියා සිටියේය.
බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට කැමති අර්ථ නිරූපණයක් දීමට එම දහම් තුළම නිදහස ඇති බවද පැවසූ ඔහු ඒ බව බුදුන් වහන්සේගේ පැවැත්ම තුළම විවිධ සූත්‍ර තුළ ම ඔප්පු කර ඇති බවත් කියා සිටියේය.

COMMENTS