දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැගෙනහිර මුහුදේ නෞකාවේ ගින්න තවමත් - අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට - (video)
Homeප්‍රවෘත්ති

නැගෙනහිර මුහුදේ නෞකාවේ ගින්න තවමත් - අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට - (video)

PropellerAds

ආපදාවට ලක්ව ගිනිගනිමින් පවතින බොරතෙල් නෞකාව අද අලුයම 5 වනවිට නාවික සැතපුම් 25 ක් පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මුහුදේ පවතින බව නාවික හමු...

Former UNP minister
rathna rice
රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ !
ආපදාවට ලක්ව ගිනිගනිමින් පවතින බොරතෙල් නෞකාව අද අලුයම 5 වනවිට නාවික සැතපුම් 25 ක් පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මුහුදේ පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර නෞකාවේ සිට අතුරුදන් වූ නාවිකයා මියගොස් ඇති බවටයි මේ වනවිට නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ
ඔහු පිලිපීන ජාතිකයෙකු බවයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

නාවික හමුදාව වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක්, වේග ප්‍රහාරක යාත්‍රා දෙකක්, ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ ඇති බවයි.

මේ වනවිට ගුවන් මගින් ගිනි නිවීමේ කටයුතු යළි ආරම්භ වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කළාපය (Super structure) තවමත් ගිනිගන්නා බවයි නාවික හමුදාව පවසන්නේ.

කෙසේ වෙතත් ගින්න නෞකාවේ බොරතෙල් ගබඩා කර ඇති කළාපයට බලපෑමක් ඇති කර නොමැති බවයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදුකරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අද අලුයම නිකුත් කළ නාවික හමුදාවේ විශේෂ නිවේදනය පහතින්

"ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ සිදුවූ පිපිරුමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් පෙර දින හිරු බැස යාම තෙක් සිදු කළ අතර, බීච් ක්‍රාෆ්ට් යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්වය ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා තිබේ. 2020 සැප්තැම්බර් 03 වන දින  සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසලට ලඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක සෞර්යා (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කරන ලදි. එමෙන්ම අද දින (2020 සැප්තැම්බර් 04) අළුයම් කාලය වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දෙක අළුයම 0100 පැය සහ 0300 පැය වන විටත් සහ ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger යන ටග් යාත්‍රාවක් අළුයම 0200 පැයට පමණ මෙම මෙහෙයුමට එක්විය. තවද, අද (2020 සැප්තැම්බර් 04) අළුයම 0200 පැයට පමණ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ශෙහාද්‍රි (INS Sahyadry) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වූ අතර, තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් (02) අද දින දහවල් කාලය වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතය. මේ අතර, මෙම ‍ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා ද්විත්වය අවශ්‍ය සහයෝගය ලබා දී 2020 සැප්තැම්බර් 03 වන දින සවස් භාගයේදී එම මුහුදු ප්‍රදේශයෙන්  පිටත්ව ‍යන ලදි.

එමෙන්ම හෙලන් එම් (Helen M) වෙළඳ නෞකාවේ රැදී සිටි ආපදාවට පත් ‍නෞකාවේ කාර්යමණ්ඩලයේ 19 දෙනා ඇතළුව 21 දෙනෙකු මේ වන විට නාවික හමුදා නෞකා‍ වෙත රැගෙන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇති අතර, අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවතී. ඒ අනුව, 23 ක් වූ අනතුරට පත් නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති අතර, එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත.

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. එමෙන්ම මෙම ආපදා තත්වය හේතු කරගෙන එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැති අතර, තෙල් කාන්දු වීමේ තත්වයක් ඇති වුවහොත්, එයින් සිදු වන හානිය අවම කිරීමට හා එ‍මගින් ඇතිවිය හැකි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය,  ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටී." 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැගෙනහිර මුහුදේ නෞකාවේ ගින්න තවමත් - අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට - (video)
නැගෙනහිර මුහුදේ නෞකාවේ ගින්න තවමත් - අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji9Ws4GxbZLOSLIlCUjEo36HeMfEcsuvbIvqqdUOJ_eZhLILKaMBJfz89_XmuE6pC9c86St-I3AiBELC6sUndj-VSk0JY8hF9y9q2XnE1gEXDFdBmLAloijx6d1IB_HSov4JbRiIO_w74/s320/50776-accident1702465317.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji9Ws4GxbZLOSLIlCUjEo36HeMfEcsuvbIvqqdUOJ_eZhLILKaMBJfz89_XmuE6pC9c86St-I3AiBELC6sUndj-VSk0JY8hF9y9q2XnE1gEXDFdBmLAloijx6d1IB_HSov4JbRiIO_w74/s72-c/50776-accident1702465317.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy