මුතුරාජවෙල පර්යන්තයට ඊයේ රාත්‍රියේ මෙම නෞකාව පැමිණෙන අවස්ථාව වන විට පෙට්‍රෝලියම් අමාත්‍යාංශය සමත් වෙමින් සිටියේ දිනකට පෙට්‍රල් මෙට්‍රික් ...
මුතුරාජවෙල පර්යන්තයට ඊයේ රාත්‍රියේ මෙම නෞකාව පැමිණෙන අවස්ථාව වන විට පෙට්‍රෝලියම් අමාත්‍යාංශය සමත් වෙමින් සිටියේ දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2400 ක් නිකුත්කිරීමට පමණි. ශ්‍රී ලංකාවේ දෛනික පෙට්‍රෝලියම් පරිභෝජනය දිනකට තෙල් බැරල් 98,000 කි. සාමාන්‍යයෙන් තෙල් බැරලයක් මෙට්‍රික් ටොන් 1/7 කි. එනම් තෙල් බැරල් 7 ක් මෙට්‍රික් ටොන් 1කට සමාන වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ දෛනික පෙට්‍රෝලියම් පරිභෝජනයේ සාමාන්‍ය අගය දිනකට මෙට්‍රික් ටොන් 14,000 කි.
පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ තදාසන්න ප්‍රදේශවල මෙන්ම දුරබැහැර ප්‍රදේශවල ජනතාව උග්‍ර අපහසුතාවකට පත් වී තිබිණි. පෙට්‍රෝලියම් අමාත්‍ය අර්ජුන රණතුංග විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් රථවාහනවලට මිස බෝතල්, බූලිවලට පෙට්‍රල් නිකුත් නොකරන ලෙසට ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබූ අතර ජනතා විරෝධය හමුවේ එම චක්‍රලේඛය හකුළා ගැනීමට සිදුවිය.
පෙට්‍රල් අර්බුදයේ මූලය හා ඒ ආශ්‍රිත ගැටළු හඳුනාගැනීමට මේ වන විට ජනාධිපතිගේ නියමයෙන් විශේෂ කැබිනට් උප කමිටුවක් පත් කර ඇති අතර, ඊයේ සවස පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරුන් කියා සිටියේ මෙම අර්බුදයට වගකිව යුත්තන් නොපමාව හෙළිදරව් කරන බවයි.
අද දහවල් වන විට දිවයිනේ පෙට්‍රල් හිඟය යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-අමාලි ජයවීර
Vessel Specifications:
COMMENTS