Advertisements

PropellerAds

Breaking News

අගමැති තනිවම ලෝකාන්තය බලන්න ඇවිත්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (12)දා හදිසියේම හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණ සිටියේය.

මෙම හදිසි පැමිණීම නිසා වෙනදා දක්නට ලැබෙන ආරක්ෂක වැට කඩොලු කිසිවක් නොවූයෙන් පැමිණ සිටි සංචාරක පිරිස්වලට එය මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.

අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් පුංචි ලෝකාන්‍තයේ රැඳී සිටි අතර එම කාලසීමාව තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි සමූහ ඡායාරූපවලට පෙනී සිටියේය.

අනතුරුව හෝර්ටන්තැන්න ආශ්‍රිතව සංචාරකයනට මුහුණදීමට සිදුව ඇති ගැටලු ගැන අවධානය යොමු කළ ඒ මහතා ඒවාට කඩිනම් විසැඳුම් ලබාදීමට පියවර ගන්නා බවද පැවැසීය.



No comments