ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේදී ඊට විරුද්ධවත්, ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව ගෙන එන ...
ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේදී ඊට විරුද්ධවත්, ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂවත්, ඒකාබද්ධ විපක්‍ෂය අත් ඔසවන බව රත්නපුර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරුන් වන විජයදාස රාජපක්‍ෂ සහ ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුන්ට එරෙහිව ආණ්‌ඩුව විසින්ම විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව පසුගිය සතියේ ප්‍රකාශ විය.
මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂය දරන ස්‌ථාවරය කුමක්‌දැයි රංජිත් සොයිසා මහතාගෙන් 'දිවයින' විමසීමක් කළේය.
අපි පෙනී ඉන්නේ විඡේදාස රාජපක්‍ෂ මහතා වෙනුවෙන්. විඡේදාස රාජපක්‍ෂ කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාව වැඩිපුර විවේචනය කළ පුද්ගලයෙක්. ඔහු එදා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ඉවත් වුණේ ප්‍රතිපත්තිමය හේතු මත, විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ආණ්‌ඩුව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ ඒ මහතාගේ ප්‍රතිපත්තියට විරුද්ධවයි. ඔහුගේ ප්‍රතිපත්තිය රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිවයි. විඡේදාස රාජපක්‍ෂ මහතාගේ ඒ ප්‍රතිපත්තියට අපි ගරු කරනවා. නමුත් ෆයිසර් මුස්‌තාපා මහතාගේ ක්‍රියාකලාපයට අපි විරුද්ධයි. ඒ නිසා විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී අපි ඒ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට එරෙහිව ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාව ගෙන ආවොත් අපි ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු සමඟ එක්‌ව ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට එරෙහිව ඡන්දය දෙනවා යෑයිද රංජිත් සොයිසා මහතා පැවැසීය.
COMMENTS