රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහ...
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට සහ පුතා වන යෝෂිත රාජපක්‍ෂ මහතාට අද (14 දා) හා හෙට (15 දා) දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට ඉහතදීද ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට හා යෝෂිත රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබුණද හදිසි රෝගී තත්ත්වයන් ඇති බව කියමින් ඔවුන් වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.
ඒ අනුව අද සහ හෙට දිනවල මෙම කැඳවීම් සිදුකර ඇත.
තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ආරක්‍ෂකයන්ට අයත් ඩිෙµන්ඩර් රථයක් ඒ සඳහා යොදා ගත් බවට ඇයට චෝදනා එල්ලවී ඇත.
ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද දිනයේත් යෝෂිත රාජපක්‍ෂ මහතා හෙට දිනයේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේදී ඉකුත් 2007 වර්ෂයේදී වාහනයක් තුළ මියගොස් සිටි අතර පසුව කළ පරීක්‍ෂණවලදී එම මරණය ඝාතනයක් බවට හෙළිදරව් විය.

COMMENTS