දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියළු දුරකතන දත්ත ඇමරිකාව අතට.. බුද්ධි අංශ ප‍්‍රධානීට උඩින් CIA ලොක්කෙක්… චීනයෙන් තීරණාත්මක දැනුම් දීමක්!
Homeප්‍රවෘත්ති

සියළු දුරකතන දත්ත ඇමරිකාව අතට.. බුද්ධි අංශ ප‍්‍රධානීට උඩින් CIA ලොක්කෙක්… චීනයෙන් තීරණාත්මක දැනුම් දීමක්!

PropellerAds

‘පළමු එක තමයි සාගරය ඇතුළතින් එන අපේ දුරකථන ඇමතුම් කේබලය ‘ටැප් කිරීමට’ ඉඩ දීම. ඒකට එකඟ වෙනවා. දෙවන ඉල්ලීම, අපේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා...

වාහන 400ක දත්ත වෙනස් කර විකුණලා – ආර්.එම්.වී. ලොක්කෙකුත් හවුල් – මහා මොළකාරයා කඩවත
ගණිකා වෘත්තිය රෑට පමණක් කරන එකක් නෙමෙයි... පැය 24ම කරන්න පුළුවන් - ඩයනා ගමගේ
කටුනායක ගුවන් ‌තොටුපොළ උණුසුම් වෙයි! ආරක්ෂක නිලධාරීන් බඳවා ගන්නා ඉන්ටවීව් එකටත් ඇමැති සිරිපාල මැදිහත් වෙලාලු! 50ක් දෙනෙක් පුරවලාලු!
‘පළමු එක තමයි සාගරය ඇතුළතින් එන අපේ දුරකථන ඇමතුම් කේබලය ‘ටැප් කිරීමට’ ඉඩ දීම. ඒකට එකඟ වෙනවා. දෙවන ඉල්ලීම, අපේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ඉහළින් සීඅයිඒ නියෝජිතයකු තැබීම. ඒකටත් එකඟ වෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල මෘදුකාංගයක් සවි කරලා යනෙන සියලුදෙනාගේ ජීවදත්ත තමන් අතට ලබා ගැනීමට ඉඩ දෙන්න, කියන එක තුන්වැනි ඉල්ලීමයි. ඒකටත් එකග වෙනවා’ යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ හයිඩ් පිටියේදී පැවති උත්තර ලංකා සභාගයේ මංගල මැයි රැලිය අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

විජාතික මැදිහත්වීම්වලට, රාජ්‍ය දේපළ විකිණීමට, ඡන්ද කල්දැමීමට, ජනතා මර්දනයට හා සුබසාධන කප්පාදුවට එරෙහිව වැඩ කරන ජනතාව පෙළගැස්වීම අරමුණු කරගත් උත්තර ලංකා මැයි රැලිය අමතා උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ද අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

උත්තර ලංකා මැයි රැලියට මැයි දින යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ එහි විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසිනි. මෙහිදී ලක්මව දියණියෝ ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා, හිටපු පළාත් සභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලවල මහත්මිය උත්තර ලංකා මැයි රැලියට සුබ පැතුම් එක් කරනු ලැබුවාය.

උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ ද පැවසීය.

පළමු උත්තර ලංකා මැයි රැලිය

“පසුගිය වසර තුන තුළ කොවිඩ් වසංගතය සහ රටේ පැනනැගුණු බරපතළ අස්ථාවරභාවය හින්දා බොහෝ දේශපාලන බලවේගවලට ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට හැකියාව ලැබුණේ නැහැ. උත්තර ලංකා සභාගයේ අපිත් මේ පළමුවැනි වතාවට තමයි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තේ වගාව අරඹන්න, තේ වතුවල වැඩ කරන්න කම්කරුවන් සෙව්වා. නමුත් මෙරට සෑම මිනිසකුටම එදා ඉඩමක්, දේපළක් තිබුණා. ඒ හා බැඳුණු කර්මාන්තයක්, වගාවක් තිබුණා. ඉඩම භුක්ති විඳින නිසා රජුට, රාජ්‍යයට කළ යුතු සේවාවකුත් තිබුණා. ඒ නිසා උඩරට තේ වතුවල වැඩ කරන්න කම්කරුවන් මේ රටින් හොයාගන්න බැරි වුණා. එදා ඔවුන් කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් රැගෙන ආවා. අපේ රටේ තිබුණේ අපරදිග බලවතුන්ට තේරුම් ගන්න බැරි ඉතිහාසයක්.

‘බටහිර කෑදර අභිලාෂය’

මේ පෙරදිග වහල් වෙළඳාමෙන් කිලිටි වූ තැනක් නොවෙයි. බලන්න වෙඩි බෙහෙත් සොයා ගනු ලැබුවේ චීන ජාතිකයින්. ඔවුන් ඒවා භාවිතා කළේ ගිනිකෙළි සංදර්ශනවලට පමණයි. නමුත් බටහිර අධිරාජ්‍යවාදීන් ඒ වෙඩි බෙහෙත් ආයුධ හැටියට යොදා ගත්තා. ඔවුන්ට තිබුණේ ඔවුන් සිතන ආකාරයේ දියුණුවක්, ඉතාමත් ඉක්මනින් අත්පත් කර ගැනීමේ කෑදර අභිලාෂයක්. ඒ කෑදර අභිලාෂය නිසා තමයි පෙරදිග සහ අප්‍රිකානු රටවල් ආක්‍රමණය කරපු, කළු මිනිස්සු වහල් වෙළදාමට රැගෙන ආපු තුච්ඡ ඉතිහාසයක් ලෝක ඉතිහාසයට එකතු වුණේ. හිරු එළිය නොලැබෙන මාස හයේ ජීවත් වෙන්න ධනය උපයා ගැනීමට සිදු වන විට ඔවුන් වඩාත් ආක්‍රමණකාරීව, රටවල් අත්පත් කරගැනීමේ, ඒ රටවල සම්පත් කොල්ලකෑමේ, ඒ රටවල මිනිසුන් වහලුන් බවට පත් කර ගැනීමේ ගමනක් ගියා. මෑත සියවස් කිහිපයක් පුරා දැකගත හැකි වන්නේ එම ඉතිහාසයයි.

‘ජුලී චන්ග්ගේ ඇම්බැට්ටයෝ’

මේ ඉතිහාස කතාව තවම ඉවර වෙලා නැහැ. අපි පසුගියදා, ‘නවය, සැඟවුණු කතාව’ කෘතියෙන් කරුණු සහිතව පෙන්වා දුන්නේ මේ කතාව අද සිදුවෙන ආකාරයයි. දැන් බලන්න, අපි විද්දේ ‘පඳුරට’. වැදී ඇත්තේ ‘හාවා’ටයි අපි ජුලී චන්ග්ට ටොක්කක් අනින කොට ‘ඌයියා’ වන්නේ ‘ටින් ටින්’ට; චම්පිකට; සරත් ෆොන්සේකාට. ඒ තමයි ජුලී චන්ග්ගේ ඇම්බැට්ටයන් ටික; නියම ගෝලයෝ ටික; එයාගේ ‘පුත්තු’ ටික. මෙයාලා මොන පුත්තු ද, කියා මම කියන්න යන්නේ නැහැ. එය තමයි අද රෙජීම් චේන්ජ් කරන විදිහ. රෙජීම් චේන්ජ් කරන්න ගෙනාපු ‘ප්ලෑන් ඒ’ වුණේ කතානායකවරයාව එකඟ කරගෙන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් නැති, දේශීය, විදේශීය නියෝජිතයන් සහිත අන්තර්කාලීන පාලනයක් අටවා ගැනීමයි.

‘ශ්‍රී ලංකාව මළ රාජ්‍යයක් කිරීම’

මේ බටහිර බලවතුන්ට අද අපේ රට අත්පත් කර ගැනීමට අවශ්‍ය වෙලා තිබෙන්නේ කුමකටද? මේ ඉන්දු-පැසිෆික් කලාපය පාලනය කරන්න නම් ශ්‍රී ලංකාව තමයි අත්පත් කරගත යුතු තැන. ඉන්දියන් සාගර කලාපය තුළ පිහිටීම අතින් ඉතාමත් වැදගත් ස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවයි. එක්කෝ මෙතැන බටහිර බලවතුන්ගේ රූකඩ පාලනයක් පැවතිය යුතුයි. නැතිනම් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවට්ටලා ලිබියාව, හයිටිය, ඉරාකය වැනි බිඳවැටුණු මළ රාජ්‍යයක් බවට මෙතැන පත් කරගත යුතුයි. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවට ආවාට පස්සේ ජුලී චන්ග් වැඩිය කලබල කරන්නේ, වැඩිය ට්විටර් පණිවිඩ දමන්නේ නැහැ. ‘ඒ ඇයි?’ කියලා බලමු. අපට මතකයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (දේශපාලන කටයුතු පිළිබඳ) වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට ආවා. එයා ඇවිත් සති දෙකෙන්, ඒ කියන්නේ 2023 පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ලංකාවට සීඅයිඒ ප්‍රධානියා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ආවා.

‘ඇමරිකාවේ ඉල්ලීම් හතර’

මේ විසිදෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිත පිරිසට ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු භාර ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වන ජෙඩිඩා රෝයල් ද අයත්. ඔවුන් පැමිණියේ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින්. කිසිදු පරීක්ෂාවකින් තොරව, මෙරට ජනාධිපතිවරයා හෝ වෙනත් රටක රාජ්‍ය නායකයකු භාවිතා කරන VVIP පර්යන්තයෙන් තමයි මෙයාලා එළියට ආවේ. ඔවුන් කටුනායක ගුවන්තොටුපළින් එළියට රැගෙන ආවේ ගුවන්තොටුපළ අධිකාරියේ සභාපතිවරයා විසින්. ඔවුන් කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ කෙලින්ම කොළඹට එනවා. ඇවිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ යන අය සමඟ සාකච්ඡා කරනවා. මේ පිරිස ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඉල්ලීම් හතරකට එකඟ වන ලෙස ජනාධිපතිවරයාට පවසනවා. ජනාධිපතිවරයා ඉන් තුනකට එකඟ වෙනවා. අනික පසුව සලකා බැලීමට එකඟ වෙනවා. ඒ නිසා තමයි දැන් ජුලී චන්ග් සද්දේ වහලා ඉන්නේ. ජුලී චන්ග්ගේ ‘පැටව් ටික’ විපක්ෂයේ ඉඳගෙන, ‘රනිල් යන ගමන හරි’ කියලා කියන්නේ.

හතරෙන් තුනකට රනිල් එකඟයි

‘මොනවාද මේ ඉල්ලීම්?’ කියා අපි බලමු. පළමු එක තමයි සාගරය ඇතුළතින් එන අපේ දුරකථන ඇමතුම් කේබලය ‘ටැප් කිරීමට’ ඉඩ දීම. ඒකට එකඟ වෙනවා. දෙවන ඉල්ලීම, අපේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ඉහළින් සීඅයිඒ නියෝජිතයකු තැබීම. ඒකටත් එකඟ වෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල මෘදුකාංගයක් සවි කරලා යනෙන සියලුදෙනාගේ ජීවදත්ත තමන් අතට ලබා ගැනීමට ඉඩ දෙන්න, කියන එක තුන්වැනි ඉල්ලීමයි. ඒකටත් එකග වෙනවා. සෝෆා ගිවිසුමට නව සංශෝධනයක් දමලා ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන්ට සන්නද්ධව, පරීක්ෂා කර බැලීමකින් තොරව, නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසැරීමට ඉඩ දෙන්න, කියන එක හතරවැනි ඉල්ලීමයි. ‘පළමු තුනටම මම එකඟයි. හතරවැනි එක පිළිබඳව පමණක් අපි තවදුරටත් සාකච්ඡා කරමු.’ කියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ඇමරිකානු විශේෂ නියෝජිත පිරිසට පවසනවා.

‘හතරගාතෙන් ඇදවැටෙන හැටි’

දැන් වික්ටෝරියා නූලන්ඩ්ලාට, ජුලී චන්ග්ලාට උවමනා දේවල්වලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වන විට අර හිටපු අරගලකාරයන් පෙනෙන්නේ නැතිව යනවා. දැන් ජුලී චන්ග් සතුටින් ඉන්නේ. ‘ලිබියාව තරමට ශ්‍රී ලංකාව වට්ටාගන්න ලැබුණානම් හොඳයි. නමුත් මේකත් නරකම නැහැ’ කියලා ඇය හිතනවා. දැන් අපේ රටේ ආර්ථිකය බාරදී තිබෙන්නේ ඇමරිකානු ආධිපත්‍යයට අදාළ මෙවලමක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ආජන්ටිනාව, ග්‍රීසිය ඇතුළු රටවල් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හතරගාතෙන් ඇදවට්ටලා ඉවරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තානයත් අප රැගෙන යන පාරෙම රැගෙන යන්න හදනවා. ඉන්දියාව අපේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවක එවකට ඉන්දියාවේ මුදල් ඇමතිවරයා වූ, පසු කලක එරට අගමැතිවරයා වූ මන්මෝහන් සිං මහතා ඉන්දියාවට ඔබින වැඩපිළිවෙළක් සහිතවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ. ඔහුට පුළුවන් වුණා ‘මෙන්න මේ වැඩපිළිවෙළට එකඟ විය යුතුයි’ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගන්වන්න.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළොත් වන දේ

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ, එවැනි කිසිදු වැඩපිළිවෙළක් සහිතව නොවෙයි; එහි බරපතළ කොන්දේසිවලට එකඟ වෙලායි. ඒ අනුව ඉදිරියේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි. මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් තැන්පත් කරලා තිබෙන EPF හා ETF අරමුදල් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී කඩාවැටීම වැළැක්වීමට බැහැ. ඒ වගේම ආණ්ඩුව බරපතළ ලෙස ණය අරගෙන තිබෙන රාජ්‍ය බැංකු කඩාවැටීමත් එහිදී කෙසේවත් වළක්වාලීමට බැහැ. ඉදිරියේදී බැංකු සේවකයන්, ඒවාගේ මුදල් තැන්පත් කළ පිරිස්, EPF සහ ETF අරමුදල්වල ප්‍රතිලාභීන් මේ තත්ත්වය මත පාරට බැසීම, අගතියට පත් වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණනකට ගන්නේ නැහැ.

වාසුදේව සහෝදරයා කාටූනයක් පිළිබඳව කීවාම, මටත් මා දුටු එවැනි කාටුනයක් පිළිබඳව මතකයට ආවා. ‘ශ්‍රී ලංකාව නැමැති පුද්ගලයා නහයටත් උඩින් වතුරේ ගිලී සිටිනවා. වලක වැටිලායි එයා ඉන්නේ. අනිත් පැත්තෙන් ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිතා කරන බැකෝ යන්ත්‍රයක් වැනි දෙයකින් වලේ එක කොනක් හාරනවා. එවිට වලේ අනිත් කොනේ සිටින ශ්‍රී ලංකාව නැමැති පුද්ගලයාගේ නහයට උඩින් තිබුණු වතුර ටික පහළට යනවා,’ ඒ මම දුටු කාටූනයේ තිබෙනවා. මෙහෙම වුණාම ඒ පුද්ගලයා(ශ්‍රී ලංකාව) වැටෙන්නේ හිටියාටත් වඩා ගැඹුරු වලකටයි. දැන් IMF එකත් කරලා තියෙන්නේ වල එක පැත්තකින් හාරලා, නහයෙන් පහළට වතුර යන්න හදපු එකයි. සමහරු දැන් සතුටු වෙනවා, ‘උන්නු හැටියට මළා මදැයි’ කියමින්. එය විශිෂ්ට කාටූනයක්. ඒවා අඳින මිනිස්සුන්ට තිබෙන මොළය මේ නායකයන්ට තිබුණානම් IMF යන්නේ නැහැ. ඒ නිසා මේ රටේ සකල ප්‍රගතිශීලී ජනතාව මේ අභියෝගය නිවැරදිව කියවා ගත යුතුයි.

‘යන්නේ අපායට’

දැන් බලන්නකො, විපක්ෂයේ ඉන්න සජබ කට්ටියත් කියනවානේ ‘රනිල් වික්‍රමසිංහ මහත්තයා යන ගමන හරි’ කියලා. හරි නම් ඉතින් ගිහිල්ලා ආණ්ඩුවට එකතු විය හැකියිනේ. අපි නම් කියන්නේ, ‘මේ යන්නේ අපායට’ කියලයි. අපි කිසිවිටකත් කාගෙවත් අපාය සහායක මිත්‍රයන් වන්නේ නැහැ. යන ගමන හරිනම් සාමාන්‍ය සමාජය ‘හිරේ’ දැමිය හැකි, දරදඬු ත්‍රස්ත විරෝධී පනතක්, ජනතා මර්දන පනතක් ගෙන එන්නේ ඇයි? ඇමරිකා එක්සත් ජනපද උවමනාව ඉටු කරනවා නම් ‘රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය වල දැම්මා’ කියා බටහිර මානව හිමිකම් සංවිධාන කලබල වෙන්නේ නැහැ. තමන්ට උවමනා වැඩේ කරන ගමන් ඒකාධිපතියකු වීම ඔවුන් ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, අපි වැටිලා තියෙන්නේ ලෝක දේශපාලනය හා බැඳුණු වලකටයි, කියා.

ඉන්දියානු රුපියලේ ආගමනය

දැන් බලන්න, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියනවා, ‘රුපියල පා නොකළොත් ඉන්දියාව ලබාදෙන්න නියමිත ඉතිරි ණය මුදල ලබාදෙන්නේ නැහැ’ කියා. ඊට පස්සේ ‘රුපියල පා කිරීමට තීරණය කිරීම හරිද?’ කියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විමසා බැලුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරය දැරූ යහපාලන සමයේ මහ බැංකු අධිපති ධුරය දැරූ, ඉන්දියාවට බොහෝ පක්ෂපාතීව සිතන අයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙනුයි. එයා කිව්වා, ‘ඒක තමයි සර් නියම වැඩේ. ඒක කරන්න’ කියලා. ඉන්පස්සෙ ඩොලරයට ගෙවූ රුපියල් ප්‍රමාණය දෙසිය ගණනක සිට 400ට ආසන්න ගණනකට ආවා. ඒකෙන් අපේ ණය බර රුපියල්වලින් තව වැඩි වුණා. එමගින් ඩොලර් අර්බුදයක් පමණක් නොවෙයි රුපියල් අර්බුදයකුත් නිර්මාණය කළා. ඔන්න දැන් රුපියල් අර්බුදයක් නිර්මාණය කළාම ඉන්දියානු රුපියල් හෙමීට ගනුදෙනුවට එනවා. රූබලයෙන් ගනදෙනු කරන්න බැහැ, කීවාට මහ බැංකු අධිපති ඉන්දියානු සංචාරකයන්ට අපේ වෙළෙඳපොළෙන් බඩු ගන්න ඉන්දියානු රුපියල භාවිතයට ඉඩකඩ හදා දී තිබෙනවා. මුල් පියවර ඒක. පසුව රටේ සියලුදෙනාටම ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා. එහෙම ඉන්දියානු රුපියල ‘ඕකේ’ වුණාම ඉන්දියානු සහ ශ්‍රී ලංකා රේගු දෙක ඒකාබද්ධ කරන යෝජනාව එනවා. අපි නොදැනුවත්වම ඉන්පස්සෙ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉන්දියාවේ ප්‍රාන්තයක මට්ටමට වැටෙනවා.

මෙවැනි මෙහෙයුම් ඉදිරිපිටයි අපි ඉන්නේ. අපේ ආර්ථික ස්වාධීනත්වය අහිමි වීමේ පාමුලට ඇවිල්ලයි අපි ඉන්නේ. ඒ නිසා වැඩ කරන ජනතාවට තමාගේ අයිතිවාසිකම් පිළිබඳව වගේම රට ඉදිරිපිට තිබෙන ඉහත කී අවදානම ගැනත් අන් කවරදාටත් වඩා සංවේදීව සිතා බලන්න වෙනවා. එසේ නොකළහොත් ඔබේ ප්‍රශ්න විසඳෙන්නේත් නැහැ. ඔබේ දරුවාට ඉන්න රටක් ඉතිරි වෙන්නෙත් නැහැ.

BRICS වෙතින් නව මුදල් ඒකකයක්

මේ වන විට ලොව බලගතු රටවල් අතර ගැටීම තීව්‍ර වෙලා තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා චීනයේ බීජින්වලට ඉන්න අවසර ඉල්ලනවා. චීනය එය ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍යයෙන් ලෝකයේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. යුක්රේනය මුල්කොටගත් යුද්ධය නිසා අද යුරෝපයේ උද්ධමනය සහ බලශක්ති මිල ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශය විශ්‍රාම වැටුපටත් අත තියලා තිබෙනවා. දිග්ගැසුණු සටන් ප්‍රංශය සහ ජර්මනිය පුරා ඇති වෙමින් තිබෙනවා. ‘BRICS හවුල’ තම රටවල් අතර ගනුදෙනු සඳහා දැන් නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. එසේ හඳුන්වා දෙන තෙක් තම රටවල මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමට ඔවුන් කටයුතු කරනවා. පසුගිය දිනවල BRICS හවුල නව සංවර්ධන බැංකුව(New Development Bank) නමින් බැංකුවක් හඳුන්වා දුන්නා. ඒ බැංකුව ලෝකයේ වෙනත් රටවලට ණය දෙන විට, ණය මුදලින් සියයට තිහක් ලබාදෙන්නේ ඒ අදාළ රටේ මුදල් ඒකකයෙනුයි. ඉතිරි සියයට 70 ලැබෙන්නේ BRICS මුදල් ඒකකයෙනුයි. එමගින් අදාළ රටේ මුදල් ඒකකයට එල්ල වන පීඩනය අවම වෙනවා. ඩොලරයෙන් අද මුළු ලෝකයම ගැලවී යනවා

අද ජවිපෙ කට වැහිලා

ඒ නිසා අද මේ රටේ තිබෙන්න ඕනේ ඩොලරයට පහන් පත්තු කරමින් ඉන්න පාලනයක් නොවෙයි. ඉහත කී BRICS හවුල සමඟ එකට හිට ගන්න පුළුවන් නායකත්වයක් තමයි අද මේ රටට වුවමනා වී ඇත්තේ. ඒ ධෛර්යය නොමැති කිසිවකු බලයට ආවාට වැඩක් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ඒ ධෛර්යය තිබෙනවාද? නැහැ. බලන්න මා ඉහත කී Top Secret Mission එක සිදු වුණාම උත්තර ලංකා සභාගයේ අපි විතරයි ඒ පිළිබඳව රටට කිව්වේ. රතු කමිසධාරී ජනතා විමුක්ති පෙරමුණ කටක් ඇරියේ නැහැ. ඔවුන් අපි පොත් ලිව්වාම ‘ටිං ටිං’ ගාමින් කලබල වෙනවා. නමුත් සීඅයිඒ Top Secret Mission එකක් රට තුළ සිදු වුණාම ඔවුන් අද කටක් අරින්නේ නැහැ,

පරණ වඳ පීදුණු බටහිර ගැති වට්ටෝරුව එපා!

අද මේ රට ඉල්ලන්නේ පරණ වඳ පීදුණු, බටහිර ගැති, දේශපාලන හා ආර්ථික වට්ටෝරුව කර තියාගෙන යන ගමනක් නොවෙයි. මේ රට ඉල්ලන්නේ ඊට රැහැනිව ලෝකය තුළ ස්ථානගත විය හැකි පාලනයක්. එහෙම පාලනයක් බිහි වුණාම රටේ තිබෙන ප්‍රශ්නවලින් 50%ක් විසඳෙනවා. එහෙම වෙන්නේ අපට ඩොලර්වලින් මිදිලා අලුත් ජාත්‍යන්තර මුදල් ඒකකය හා බැඳෙන්න ලැබෙන නිසයි. ඒ නව ලෝක ප්‍රවණතාව කියන්නේ කිසිම රටක් වට්ටලා සතුටු වන එකක් නොවෙයි. එල් සැල්වදෝරය කියන්නේ අපි වගේම ණය බරින් පීඩා විඳින රටක්. එහි බොහෝ චීන ව්‍යාපාර තිබෙනවා. චීනය කැමති වුණේ නැහැ තම මිතුරා බංකොලොත් රටක් බවට පත් වෙනවාට. ඒ නිසා චීනය එල් සැල්වදෝර්යේ තරුණ නායකයාට යෝජනා කළා, ‘අපි නුඹලාගේ ණය ටික ගන්නම්. නුඹලා වෙනුවෙන්, නුඹලා ණය ගත්තු අයට අපි ඒ ණය ගෙවන්නම්. නුඹලා මේ සියල්ලට පොලිය ගෙවිය යුත්තේ අපටයි. නුඹලාට ගෙවිය හැකි ආකාරයකට අපි එය හදලා දෙන්නම්’ කියා. එහෙම කළාම එල් සැල්වදෝරය බංකොලොත් රටක් වෙන්නේ නැහැ.

මම දන්නා ආකාරයට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා තිබුණා, ‘ආර්ථිකය පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගන්න යනවානම් කරුණාකරලා අපටත් කියන්න’ කියලා. ඒකට හේතුව තමයි ‘පෝට් සිටි’ නම් ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියට චීනය හවුල් වී සිටීම. එතැනට ආයෝජන එන්නේ නැහැ,’ ශ්‍රී ලංකාව බංකොලොත් රටක්’ කියලා කිව්වොත්. එල් සැල්වදෝරයේ නායකයා ගත් තීරණය ගන්න ධෛර්යය තියෙන නායකයකු ශ්‍රී ලංකාවේ ඉන්නවා ද? ‘රජය වාණිජ කටයුතුවලින් ඉවත් විය යුතුයි’ කියන බණ පදය කියමින් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එවැනි තීරණයක් ගනීවි ද?

පැරණි මාවතේ තවදුරටත් මේ රට රැගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ලෝකයේ සිදු වෙමින් පවතින ඛල තීව්‍රතා තේරුම්ගෙන ඉදිරියට යන මාවතක් අද අපට ඕනෑ. ඒ බල කඳවුරු අතර තියෙන තීව්‍රතා වැඩි වන විට තමයි ශ්‍රී ලංකාවට තිබෙන ඇල්ම බැල්ම වැඩි වෙන්නෙ. ඒ නිසා තමයි අපේ රටේ ආර්ථික නිදහස, ජාතික ආරක්ෂාව හා ස්වෛරීත්වය යන සියල්ල අහිමි වෙමින් යන්නේ. මේක වැළැක්වීමට නම් අපි දැනුවත්, සබුද්ධික මහා දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඕනේ. අද මුළුමහත් අප්‍රිකාවම බටහිරින් ඈත් වෙනවා. චීනය හා රුසියාව හා බැඳුණු නව මාවතකට එකතු වෙනවා. අපේ මේ වැටුණු රට ඉල්ලන්නෙත් ඒ මාවත මිස ‘මේ රට වට්ටපු එකාගෙන් උදව් ඉල්ලන මාවත’ නොවෙයි. ඒ මාවත වැටුණු රට ගොඩනගන මාවතයි. උත්තර ලංකා සභාගයේ මාවත වන්නේ ද රට ගොඩනගන ඒ මාවතයි”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියළු දුරකතන දත්ත ඇමරිකාව අතට.. බුද්ධි අංශ ප‍්‍රධානීට උඩින් CIA ලොක්කෙක්… චීනයෙන් තීරණාත්මක දැනුම් දීමක්!
සියළු දුරකතන දත්ත ඇමරිකාව අතට.. බුද්ධි අංශ ප‍්‍රධානීට උඩින් CIA ලොක්කෙක්… චීනයෙන් තීරණාත්මක දැනුම් දීමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwOfaG-i991-ZfdYzjyAjWilke2rpXPj4nFz0f2PR713I7dedONZTN3CDzNU_O7P-oEGOAys9iEne1hDRIKFrPMcblSRXTR8vnAuvbNZnccYFrtpz9jm0gG3u7SoHllIQ1m02R7luO6OxJ2T6EroQfmW0dygZxFaGRePpMuQRbFIb6I8NpS73QKQ/s320/china-usa.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwOfaG-i991-ZfdYzjyAjWilke2rpXPj4nFz0f2PR713I7dedONZTN3CDzNU_O7P-oEGOAys9iEne1hDRIKFrPMcblSRXTR8vnAuvbNZnccYFrtpz9jm0gG3u7SoHllIQ1m02R7luO6OxJ2T6EroQfmW0dygZxFaGRePpMuQRbFIb6I8NpS73QKQ/s72-c/china-usa.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/cia.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/cia.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy