කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සදහා ආරක්ෂක නිළධාරීන් තෝරා ගැනීම සදහා වූ සම්මුඛ පරීක්ෂණයේ දී ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඒ සදහා ...
පිරිමි ආරක්ෂක නිළධාරීන් සිය දෙනෙකු සහ කාන්තා නිළධාරිනියන් පනස් දෙනෙකු තෝරා පත් කර ගැනීම සදහා වූ සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පසුගිය දින කිහිපය මුළුල්ලේ ගුවන් තොටුපල පරිශ්‍රයේ පවත්වා ඇති අතර, පිරිමි ආරක්ෂක නිළධාරීන් සිය දෙනෙකු නියමිත ක්‍රියාපටිපාටිය අනුව යමින් තෝරා ගැනීමට අදාල බළධාරීන් කටයුතු කර තිබේ.
තෙසේ වෙතත්, තෝරාගත යුතු කාන්තා නිළධාරීනියන් පනස් දෙනාගේ අවස්ථාවෙන්, විසිපහක්, අමාත්‍යවරයා මැදිහත් වී ඩැහැගෙන ඇති බවත්, ඔහු කාන්තා නිළධාරිනියන් විසිපස් දෙනෙකු වෙනුවට, තවත් පිරිමි නිළධාරීන් විසි පහකගෙන් අදාල කෝටාව පුරවා ඇති බවත් වාර්තා වේ.
ආරක්ෂක නිළධාරීන් තෝරා ගැනීම සදහා පැවති සම්මුඛ පරීක්ෂණයට, අමාත්‍යවරයා මෙසේ මැදිහත් වීමත් සමග ගුවන්තොටුපල පරිශ්‍රයේ උනුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

COMMENTS