ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන ප...
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජෙන්ද‍්‍රන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කර ඇත.
මෙම උත්සවය ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ මෙම විරෝධතා පැවැත්වීම මත පොලිසිය විසින් ආරක්ෂාකාරීව තායිලන්ත භික්ෂූන් පිරිස ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.
විරෝධතාකරුවන් ද එම ස්ථානයෙන් ඉවත් කරන ලද ලදුව පසුව ඔවුන් ත්‍රිකුණාමලය නගරයේ විරෝධතා පැවැත්වීමට කටයුතු කළහ.
විරෝධතාවය මත ගාන්ධි වෙරළතීරයේ බෝධීන් වහන්සේලා අසල පිරිත් සජ්ඣායනය හා පාද චාරිකාව පැවැත්වීමෙන් පසු භික්ෂූන් වහන්සේලා ජයසුමනාරාමය වෙත බස්රථවලින් රැගෙන ගොස් තිබේ.
මේ අතර කොළඹ තායිලන්ත තානාපති වරයා වෙත ලිපියක් යවමින් දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ද පවසා ඇත්තේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා විසින් ත‍්‍රිකුණාමලයේ බුදු පිලිම තැන්පත් කිරීමෙන් වළකින ලෙසයි.
ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන පක්ෂවල හා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා නිසා නවතා දැමීමට සිදුව තිබේ.මෙම උත්සවය ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ මෙම විරෝධතා පැවැත්වීම මත පොලිසිය විසින් ආරක්ෂාකාරීව තායිලන්ත භික්ෂූන් පිරිස ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.

COMMENTS